දේශීය පුවත්

කොවිඩ්19 වෛරසය ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදහනය සම්බන්ධව මුලින්ම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේ රවුෆ් හකීම් මහතාය. නමුත් අද ඒ වෙනුවෙන් වැඩිපුරම පෙනී සිටින්නේ සද්ධර්මරතනාවලිය කියවා සහජීවනය උගත් බව කියමින් වත්මන් ආණ්ඩුවේ රිෂාඞ් බදුර්දීන් බවට පත්වෙමින් සිටින අලි සබ්‍රි  ඇමැතිවරයාය. මෙවන් අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයන්ට අමතරව සජිත් පේ‍්‍රමදාස වැනි සිංහලයෝ රාශියක්ද මේ මළ මිනී අන්තවාදය වෙනුවෙන් පෙනී සිටිති. එසේම මිථ්‍යාවට එරෙහි, නිරාගමික රැඩිකල් අදහස් දරන බව කියන මාක්ස්වාදී, ලිබරල්වාදී, පශ්චාත් නූතනවාදීන් පවා අද මේ ආගමික අන්තවාදය වෙනුවෙන් පෙනී සිටිති. ආදාහනයට එරෙහිව එවැනි අය එකසිය හැට ගණනකගේ අත්සනින් යුත් ලිපියක් පසුගිය කාලයේදී ජනාධිපතිවරයාට පවා භාර දී තිබිණි. වමේ පක්ෂවල නායකයන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විකල්ප යැයි කියාගන්නා විශාල පිරිසක් මීට අයත්ය. මේ සියල්ලෝ කිසිදු හිරිකිතයකින් තොරව අද අලි සබ්‍රි ඇමැතිවරයාගේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිති. අලි  සබ්‍රි ඇමැතිවරයාගේ සූක්ෂම ජාතිවාදය සම්බන්ධව ලියවුනු විග්‍රහාත්මක ලිප්ලියක් පුරවසි කොළමේ පලවේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More