කලා පුවත්

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රෙAල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤ්ෙÆa) මහතායි. එම තොරණ සඳහා එදා ඒ මහතා රුපියල් 7500 ක්‌ වැයකර තිබිණි. එදා තොරණින් ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවතයි.

එවකට තොරණේ චිත්‍ර ශිල්පියා හට විල්බට්‌ සිංඤ්ෙÆa මහතා රුපියල් 2500 ක්‌ ලබාදී තිබේ.

මෙම තොරණ ගැන වැඩිදුර තොරතුරු කියන්නට තොරණේ නිර්මාතෘ විල්බට්‌ සිංÆaෙÆa මහතාගේ පුතා වන එම්. ඒ. අනුර පෙරේරා මහතා අපි ඊයේ (27 වැනිදා) හමු වුණෙමු.

මුල් කාලයේ තාත්තා මේ තොරණට මුදල් වැය කළේ තමන්ගේ පෞද්ගලික මුදල්. එදා තාත්තට හොඳට මුදල් තිබුණා. ඉතිං තාත්තා බය නැතිව තොරණ සඳහා වියහියදම් කළා.

අද තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේ තොරණ ප්‍රදර්ශනය කරන හැම වෙලාවෙම අපිට තාත්තාගේ සුවඳ දැනෙනවා. තාත්තා වගේම මෑණියන් වන රානි විමලා පෙරේරා මහත්මියවත් නැසීගිය සහෝදර පිරිසගේ ගුණ සිහිපත් කරමින් තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ.

එදා මෙදාතුර මේ තොරණ 63 වතාවක්‌ මහනජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

තොරණ තුළින් මහා භද්‍රකල්පය ජාතක කතා වස්‌තුව ප්‍රදර්ශනය කෙරුණා. එදා තොරණේ උස අඩි අසූපහකි. විදුලි බුබුළු 35,000 කින් තොරණ ආලෝකවත් කෙරුණා. එදා මේ තොරණේ විදුලි ආලෝක ශිල්පියා වුණේ ආරියදාස මහත්මයා.

එදා මෙදා තුර මේ තොරණ බලන්න ලංකාවේ හතර දිග් භාගයෙන්ම ජනතාව ඇදි එනවා. මට හරි සතුටුයි. තාත්තාගේත් අම්මාගේත් සහෝදර පිරිසගේත් එදා මේ තොරතුරු වෙනුවෙන් මහත් සේ කැපවූ අද ජීවතුන් අතර නැති පිරිස්‌වලට ගුණ සිහිකරමින් අදටත් මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ගැන මා තුළ තියෙන්නේ කිව නොහැකි තරම් සතුටක්‌.

දැන් මේ වෙසක්‌ පෝය දවසේ 29 වැනිදා ඉඳන් ප්‍රදර්ශනය කරන තොටළඟ තොරණේ උස අඩි 60කි. පළල අඩි 60 කි. විදුලි බුබුළු 35,000 කට අධික ප්‍රමාණයකින් තොරණ ආලෝකවත් වෙනවා. තොටළඟ තොරණ බලන්න මේ සැරෙත් විශාල ජනකායක්‌ ඇදි එයි කියලා හිතනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More