දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අප බළධාරීන් පිඹුරුපත් සාදමින් සිටින ඉන්දීය අදානි සමාගම් සමූහයට එරෙහිව ඉන්දියාව පුරාම දැවන්ත ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ දිනවල පැවත්වෙමින් තිබේ.

අදානි සමාගම් සමූහය ඇතුළු ප්‍රබල ව්‍යාපාරවලට තමන්ගේ කෘෂි නිෂ්පාදන සූරා කෑමට සහ ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ ලැබෙන නීති හකුලාගන්නා ලෙස බල කරමින් ඉන්දීය ගොවීන් දිහින් දිගටම විරෝධතාවල නිරත වන අතර එම උද්ඝෝෂණ වලට හේතු වී ඇත්තේ අදානී සමාගම් සමූහයට ඉන්දීය ගොවියන්ගේ කෘෂි  නිෂ්පාදන සහ ගොවි ඉඩම් සූරාකෑම පිනිස ඉන්දීය රජය විසින් නීතී සම්පාදනය කිරීමය.

ගොවි උද්ඝෝෂණ වලට එල්ල කල වෙඩි ප්‍රහාර වලින් මේදක්වා මිය ගිය ගොවි අරගලකරුවන්ගේ ගනන 40ක් ඉක්මවයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ වරාය නැගෙනහිර පර්යන්තය මිළදී ගැනීමට ඉදිරිපත් වූ  සමාගම වන්නේද මෙම අදානි සමාගමයි.

මේ අතර අමෙරිකානු නීති සම්පාදකයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වෙත ලිපියක් යවමින් ඉන්දියාවේ පවතින නොසන්සුන්තාවය පිළිබඳ බරපතළ කනස්සල්ල ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More