දේශීය පුවත්

ප‍්‍රධාන පෙළේ ජාතික බලවේගයක් යන සංකල්පය යටතේ මැතිවරණ සටන ආරම්භ කරමින් මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ජාතික නායකයෙකු ඉදිරිපත් කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල්ව ක‍්‍රියා කළ බොහෝ පිරිස් එකතුව කටයුතු කරන බව අප වෙත වාර්තාවේ. එම පිරිස් පසුගිය වසර පුරා නිහඬ පිලිවෙතක් අනුගමනය කළ අතර දැන් දැන් ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරකම් වල නියැලමින් සිටින බවද එම බලවේගයට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.
එහිදී තවමත් අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කර නොමැති අතර එම පිරිස් අතර තිබෙන විවිධ මත ගැටුම් පලමුව සමනය කරගත යුතුව ඇති බවට එකඟතාවයකට පැමිණ ඇති බවද ආරංචි මාර්ග පවසයි.

එහිදී එක් පිරිසක් තර්ක කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒම අත්‍යාවශ්‍ය මූලික පියවරක් බවද වාර්තාවේ. කෙසේ වුවද එයට සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදීන් එතරම් කැමැත්තක් දක්වා නැති බවද පැවසේ.
එහිදී එම කණ්ඩායම් වල මූලික එකඟතාවය වී ඇත්තේ සුළුතර මුස්ලිම් සහ දෙමළ ඡන්ද වල බහුතරය ලබාගනිමින් බහුතර සිංහල ඡන්ද වලින් උපරිමය ලබාගෙන ඉතිරි සිංහල ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද පොලට යාම වැලැක්වීම බවද කියවේ.
ඒ අනුව “සර් විතරක් නොවේ සර් වටා පෙළ ගැසුණු බෞද්ධ බලවේගත් ෆේල්” යන සටන් පාඨය ප්‍රබලව මතු කිරීමටද තීරණය කර ඇති බවද වාර්තාවේ. එය ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතාට භාර දී ඇතිබව වාර්තා වෙන අතර එහි මූලික පියවර ලෙස මංගල සමරවීර මහතා පසුගියදා මාතර ප්‍රදේශයේදී බිම් මට්ටමේ ක්‍රියාකාරකම් වලද නියලුනු බවද මාධ්‍යය වාර්තා කර තිබුණි.

පොදු ජන එක්සත් පෙරමුණ තුල සිටින නායක මට්ටමේ උදවිය ලවා බහුතර සිංහලයාගේ විශ්වාසය පළුදු වන මට්ටමේ ක්‍රියාකාරකම් වලට තල්ලු කිරීමද ඔවුන්ගේ ප්‍රභල උපක්‍රමයක් වී ඇති බවද ඔවුන්ට සම්බන්ධ සමීප ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සුළුතර මුස්ලිම් වරුන්ගේ ඉල්ලීමක් වන කොවිඩ්19 ආසාදනයෙන් මියයන මුස්ලිම්වරු භූමදානයට ඉඩදීම වැනි කිර්යාමාර්ග වලට තල්ලු කිරීමෙන් බහුතර සිංහලයා ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය පළුදු කිරීම මෙන්ම ඔවුන් තුළම සිංහල බලවේගය කෙරෙහි අවිශ්වාසය ගොනු කිරීම ප්‍රධාන උපක්‍රමයක් වී ඇති බවද පැවසේ.

මෙම කණ්ඩායම මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති මතවාද පිළිබඳව මේ වන විටත් තීරණය කර ඇති බවද වාර්තාවේ. එසේ වුවද අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තවම නිශ්චිත තීරණයක් ගෙන නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් කියවෙන්නේ එම අපේක්ෂකයා සිංහල බෞද්ධයෙකු මෙන්ම සෘජු තීරණ ගැනීමට හැකි නායකයෙකු බවට බහුතර ජනයා අතර මතයක් ගොඩනගා ගත්තෙකු ඔවුන්ගේ   ජාතික අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මූලික එකඟතාවයක් ලැබී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More