පිටකොටුවේ තොග වෙළඳුන් 08 දෙනෙකු විසින් “කොත්තමල්ලි” යැයි හඳුන්වමින් යුක්‍රේනයෙන් ගෙන්වන ලද කන්ටේනර් 28 ක තිබී ඇත්තේ එරට කෘෂි අපද්‍රව්‍ය බව ශ්‍රී ලංකා රේගුවේ පසුගිය 24 දින කරණ ලද විමර්ශණයන්හිදී හෙළිවී තිබේ.
උක්‍රේනයේ දැවැන්තම කෘෂි නිෂ්පාදකයෙකු සහ අපනයණය කරන්නෙකු වන අග්‍රොනිකා ට්‍රේඩ් සමාගමෙන් ගෙන්වා ඇති මෙම තොගයේ වටිනාකම රු. මිලියන 70කි.
මෙම තොගය උක්‍රේනයේ ආහාර හා පාරිභෝගික සුර්ක්ෂිත ඒජන්සිය විසින් ද “කොත්තමල්ලි” බවට සහතික කර ඇති අතර සියලුම රේගු නිෂ්කාශණ ලේඛන ද එයට ගැලපෙන ලෙස වංචනිකව සකසා ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා සඳහන් කරයි.
1999 අංක 35 දරණ පැල ආරක්ෂණ පණත යටතේ මෙම ආනයණය සපුරා තහනම් ක්‍රියාවක් බවත් විමර්ශණයන්ගෙන් අනතුරුව මෙම තොගය නැවත යුක්‍රේනයටම හරවා යැවීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...