දේශීය පුවත්

“රටට හෙටක්” සංවිධානය ඊයේ (26) දින මතුගම නගර මධ්‍යයේ සෞඛ්‍ය ක්‍රමවේද අනුව නිහඬ විරෝධතාවයක නිරත වූයේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මිය යන පුද්ගල දේහයන් භූමදානය නොකරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලමිනි.

පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියෝද එම නිහඬ විරෝධතාවයට වැඩම කරන ලද අතර එහිදී උන් වහන්සේ සඳහන් කළේ” විවිධ ස්ථානවල කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන් “භූමදානයට”ඉඩ දෙන්නැයි ඉල්ලා විරෝධතා පැවැත්වෙනවා. ඒ එක තැනකදී විරෝධතාවයට එක් වූ තරුණයකු කියනවා භූමදානයට ඉඩ නොදුන්නොත් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. පණ පිටින් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවානම් භූමදානය කරන්න ඕනි කියලා කරන ඉල්ලීම මොකක්ද?ඒ අය දේහය ආදාහනය කිරීමට විරුද්ධ වන කිසිම තර්කයක් ඒ අය තුළ නෑ.” යනුවෙන් පවසා සිටියහ.

එහිදී විරෝධතාවයට සහභාගි වූ පිරිස් “සෞඛ්‍ය ගැටළු දේශපාලනීකරණය නොකරනු”, ” එක රටකට එක නීතියක් ක්‍රියාත්මක කරනු” මැයෙන් පුවරු ප්‍රදර්ශනය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More