ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් පෙන්වාදෙන්නේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවට දැනටමත් විශේෂඥ මතයක් ප්‍රකාශයට පත්ව තිබියදී එය යළි සලකා බැලීමට ආණ්ඩුව පියවර ගැනීම තුළද දේශපාලන අරමුණක් පවතින බවත් කොවිඩ් ආසාදනය වී මිය යන්නන්ගේ දේහ භූමදානය කළ යුතු යැයි කියමින් දේශපාලකයින් පෙනී සිටින්නේ පටු අරමුණු වෙනුවෙන් බවත්ය.
“මේක අවුල් වෙලා තියෙන්නේ පහත් දේශපාලනය නිසා. අපි ඉතා කරුණාවෙන් රජයට කියනවා විද්වතුන්ගේ මතයට අවධානය දෙන්න,” යනුවෙන් ද ආචාර්ය කපුගෙල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් පෙන්වා දුනි.
මේ අතර කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය අංශවල මතය බව කතෝලික සභාවේ මොරටුව මීසම් පාලක ගරු සිරිල් ගාමිණි පියතුමන් පවසයි.
“මේකේ සෞඛ්‍ය පැත්ත හෝ විද්‍යාත්මක පැත්ත ගැන කතා කරන්න අපි විශේෂඥයින් නෙමෙයි. ඒ සම්බන්ධ විශේෂඥයින් යම් තීරණයක් ගත්තාම ඒකට හැමෝම අවනත විය යුතුයි. මේ ගැන පොදු නීතියක් ක්‍රියාත්මක කළාම හැම ජාතියකටම, හැම ආගමකටම එය පොදු විය යුතුයි,” යනුවෙන් සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේය.
මේ අතර කොවිඩ් වැළඳී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් රජය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූල එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මුරුත්ටෙට්ටුවේ ආනන්ද හිමිවරු එක රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණක් බවත් ආණ්ඩුවට මෙතරම් විශාල බළයක් ජනතාව ලබාදුන්නේ අපේ රට රටක් එකම නීතියක් යටතට පත් කරන බවට දුන් පොරොන්දුව ජනතාව දැඩි ලෙස විශ්වාස කළ නිසා බවත් ප්‍රකාශ කර සිටී.
මේ පිළිබඳ රජයේ අවසාන තීණ්දුව දෙස අප සියලු දෙනාම දැඩි සැලකිල්ලෙන් බලා සිටින බවද උන් වහන්සේලා විසින් අවධාරණය කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...