“සෞඛ්‍යයක් දැන් නෑ. වැඩ කරන්නෙ නෑ මිනිස්සු. කළකිරීමෙන් ඉන්නෙ. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා අපේ සංජීව මුණසිංහ මහත්තයා බොහොම දක්ෂම වෛද්‍යවරයෙක්, ඒ දක්ෂ වෛද්‍යවරයාට සුදුසු තැනක් දීලා මේ සෞඛ්‍ය ලේකම් තනතුරට වෙන කෙනෙක් දාලා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විනාශ නොකර ගෙනියන්න මෙසේ පවසන වත්මන් රජයේ ප්‍රබල ආධාරකාර භික්ෂුවක් වූ අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩි දුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන ලෙසයි.
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් පැල හිටවනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යකමත්, පරිපාළනයත්, තැනට ඔබින දේ කරන්නත් දැනගෙන සිටින එහෙම පුද්ගලයෙක් පැල හිටවන්න දානවා නම් ඔහුගේ පුහුණු මිනිස් ශ්‍රමය අපතේ හැරීමක් මේ කරලා තිබෙන්නෙ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ (25) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්; “ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට කවුරු උපදෙස් දුන්නාද අපි දන්නෙ නෑ. නැවත වාරයක් අනිල් ජාසිංහ මහත්තයා පැල හිටවීම අත්හැර දාලා මේ කොවිඩ් පැලේ ඉවත් කරන්න එතුමාගෙන් උපදෙස් ගන්න කියන එකයි අපි කියන්නෙ” යනුවෙන් අවධාරනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...