ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ (27 දා) අවසන් කිරීමට නියමිතව තිබියදී වැඩ බලන ක්‍රීඩා ඇමැති µයිසර් මුස්‌තාපා විසින් නිලවරණ කමිටුවේ නීත්‍යානුකූලතාව පිළිබඳව ප්‍රශ්නය මතුකරමින් ක්‍රිකට්‌ නිලවරණය කල් දැමීමට තීරණය කළේය.

ඒ අනුව ලබන මැයි මස 19 වැනිදා පැවැත්වීමට තිබු ක්‍රිකට්‌ නිලවරණය දින නියමයක්‌ නොමැතිව මේ වන විට කල් දැමීමට තීරණය කර තිබේ. හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියෙන් පත්කරන ලද නිලවරණ කමිටුව දෝස සහිත බැවින් එය ව්‍යවස්‌ථාවට පටහැනි පත්කිරීමක්‌ බව ඇමැතිවරයා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් “දිවයින” විමසන ලදුව, “ක්‍රිකට්‌ නිලවරණයේ නාම යෝජනා භාර ගන්නේ ක්‍රිකට්‌ ආයතනයෙන්මයි. නමුත් නිලවරණ කමිටුවේ දෝෂ තිබෙන නිසා අපි දැන්නුවා නාම යෝජනා භාර ගැනීම අත්හිටුවන ලෙස. නිලවරණ කමිටුව පත්කරලා තියෙන්නෙ ක්‍රීඩා නීතියට පටහැනිවයි.” යනුවෙන් පැවසීය.

ඊයේ ක්‍රිකට්‌ නිලවරණය සඳහා තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්ශවයට අමතරව නාම යෝජනා භාරදීමට හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා කටයුතු කර ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ගයකින් වාර්තා විය. නමුත් ඔහු මීට පෙර දිවයිනට පවසා සිටියේ නිලවරණයට ඉදිරිපත් නොවන බවයි. කෙසේ වෙතත් අදාළ නාම යෝජනා භාර දුන්නේද යන්න රණතුංග මහතාගෙන් විමසීමට කළ උත්සහ ව්‍යාර්ථ විය. මීට අමතරව කේ.මතිවානන් මහතාද උප සභාපති තනතුරක්‌ සඳහා නාම යෝජනා භාරදී තිබේ.

තිලංග සුමතිපාල මහතාගේ වත්මන් ක්‍රිකට්‌ ආයතන සාමාජිකයන්ගෙන් නිල කාලය අවසන් වන බැවින් ඉදිරියේදී ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමටද සාකච්ඡා කර තිබේ. ඉන් අනතුරුව නිලවරණයක්‌ පැවැත්විය යුතු බවත් ව්‍යවස්‌ථාවේ ඇති දෝෂ නිවැරදි කර ගනිමින් ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම උදෙසා අතුරු කමිටුවක්‌ පත්කිරීමේ සාකච්ඡාවක්‌ ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩබලන ක්‍රීඩා ඇමැතිවරයාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔහුගෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීමට නොහැකි වුයේ දිගින් දිගටම අදාළ තත්ත්වය පිළිබඳව සාකච්චාඡාවල සහභාගි වු බැවිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More