ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් බැහැ දැකීමට ගිය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කර සිටින්නේ මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම අනෙක් ජනතාවට අහිතකර නම් එය කවදාවත් සිදු වන්නේ නැති බවයි.
මෙය මේ වන විට අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්කරගෙන සිටින බවත් මුස්ලිම් මෘත දේහයන් ආදාහන හෝ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ නමුත් ආණ්ඩුව විසින් පළමුව නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් භූමදානය හා ආදාහනය සිදුකළ හැකි යැයි සඳහන් කර ඒ ආකාර දෙකේම ක්‍රමවේද ගැන මගපෙන්වීම් ද සඳහන් වූ බවත් පසුව එම ක්‍රමවේදයන් වෙනස් කර තිබූ බවත් ඒ කුමක් නිසා දැයි නොදන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...