දේශීය පුවත්

අපනයණය සඳහා කසල තේ වලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය්ය බළකාය විසින් අත් අඩංගුවට ගත් තේ තොගය සහ එම කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් ශ්‍රී ලංකා තේ මණ්ඩළයේ ඉහල නිළධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තාවේ.

කසල තේ කිලෝ එක් ලක්ෂ තිස් ද හත් දහසකට කර්මාත ශාලාව තුළම විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය්ය බළකාය විසින් මෙම කර්මාත ශලාව සහ තේ තොගය අත්අඩංගුවට ගෙන තිබුනේ මෙයට මාස දෙකකට පෙරදීය.

මෙවැනි වංචනික ක්‍රියාවක් සිදුකොට අසු වුවහොත් අදාල කර්මාන්ත ශලාව මාස 04ක කාළයකට වසා තබා තේ තොගය ද විනාශ කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩළය විසින් සිදු කළ යුතුව තිබුනද තේ තොගය ද නිදහස් කරමින් කර්මාන්ත ශාලාව මාස 02කින් තේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ද අවසර දී තිබේ.

ඉතිහාසය පුරාවටම මෙසේ වංචනික ක්‍රියාවන්ට හසුවන සෑම කර්මාන්ත ශාලාවක්ම මාස 04කට සීල් තබන අතර මෙම ගම්පොල, වේලම්බඩ, නිල්දලුකන්ද තේ කර්මාන්ත ශාලාව කිසිදු නිසි විමර්ශණයකින් තොරව දඩ මුදළකට පමණක් යටත්ව හැකි ඉක්මනින් විවෘත කිරීමට පමණක් නොව තේ තොගය ද විනාශ කරනවා වෙනුවට අයිතිකරුවන්ටම නැවත ලබාදීමට තේ මණ්ඩළය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සෝඩියම් කිලෝ 235ක්, ෆෙරස් කිලෝ 19ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05ක් සමඟ මෙතෙක් මෙසේ අත්අඩංගුවට ගත් විශාලතම කසල තේ තොගය ද නැවත එම කර්මාන්ත ශාලාවටම ලබා දීමෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩළය 1957 අංක 51 දරණ තේ පාළන පනත ද උල්ලංඝණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More