දේශීය පුවත්

මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැකි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සනිටුහන් කිරීම

වෙසක් දිනය ලොවපුරා බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනයයි. ඒ, මිනිසා විඳින සසර දුකෙන් මිදෙන ඒකායන මාර්ගය පෙන්වා වදාළ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සිදුවූ දිනය වන හෙයිනි. අපගේ ඓතිහාසික මූලාශ්‍ර වල කියවෙන පරිදි, මේ පුංචි දිවයින උන්වහන්සේගේ පා පහසින් ආශීර්වාද ලබන්නට තෙවරක්ම වාසනාවන්ත වූ අතර, ලාංකේය සංස්කෘතියේ පදනම, ශක්තිය, ජීවනාලිය වන්නේ බුදුදහමයි. අතීතයේ සිටම අප රටත් ජනතාවත් නොයෙකුත් අභියෝගයන්ට, දුෂ්කරතාවයන්ට, මුහුණ දුන්නද ඒවා හමුවේ නොසැලී සිටීමට හා ජයග්‍රහණ ලැබීමට බුදු දහමේ ආභාශයෙන් අප ලත් ශක්තිය හේතු වූ බව නොරහසකි.

පිරිසිදු ථෙරවාද බුදුදහම පවතින රටක් ලෙස පැවතීමට අපගේ මේ පින්බර දිවයින වාසනාවන්තය. එසේ වුවද, වර්තමානයේ දුෂ්ඨ බලවේග අතින් පෙර නොවූ විරූ අන්දමින් ශතවර්ෂ ගණනාවක් මුලුල්ලේ මේ රටේ බුදුදහම රැකගෙන ආ මහා සංඝරත්නය අභියෝගයට, ගර්හාවට, පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම ගැන අපි කණගාටු වෙමු. මේ වකවානුවේ බෞද්ධ අධ්‍යාපනය රැක ගැනීමට උද්ඝෝෂණ පවා අපට දැකගත හැක. මේ රටේ ඉතිහාසය පුරාම මෙවන් අභියෝභ ජයගත් ආකාරයට මේ රටේ බෞද්ධයන් හා මහා සංඝරත්නය මේ අභියෝගද ජයගනු ඇත.

විද්‍යාවේ දියුණුවත් සමග බොහෝ ඉගැන්වීම් අභියෝගයට ලක්වන නමුදු බුදු දහමේ ඇති විශේෂත්වය වන්නේ විද්‍යාවේ දියුණුවත් සමග එය තව තවත් තහවුරු වීමය. සසර දුකෙන් එතෙර වන්නේ කෙසේද යන්න පමණක් නොව එතෙක් යහපත් මිනිසෙකු ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න පිලිබදව ද බුද්ධ ධර්මය අපට මග පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවාසී ඔබ සියලු දෙනාටත් අපගේ මාතෘ භූමියටත් තෙරුවන් සරණයි. !

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More