ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සියලුම මහජන නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ ආණ්ඩුව සහ විපක්ෂය තරගකාරීව ඉස්ලාම් ආගමික අන්තවාදීන් සතුටු කිරීමට උත්සාහ කරමින් බරපතල දේශපාලන වරදක් කරමින් සිටින බවයි.
එම ලිපිය මගින් ගුණදාස අමරසේකර මහතා අවධාරණය කරන්නේ මෑත කාලීනව රට තුළ හිස ඔසවමින් තිබෙන විවිධ ආගමික අන්තවාදී ප්‍රවණතාවයන් විසින් මුස්ලිම් ජනතාව අතර අසතුට සහ අසහණය වර්ධනය කිරීමට උත්සාහ ගනිමින් ඔවුන් සහ බහුතර සෙසු ජනතාව අතර ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව පහැදිලිව දැකගත හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...