දේශීය පුවත්

 

රජය විසින් නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක්  බිහි කිරීමේ මූලික වැඩපිළිවෙල  කරගෙන යන බව මේ යුනිටරි කියන වචනයත් එක්ක හැප්පෙන හැප්පි හැප්පිල්ලෙන් පැහැදිලිවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති. කොළඹ පුස්පතකාල හා ප්‍රෙල්ඛනසේවා මණ්ඩල ශාලාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව අවධාරණය කර සිටියේය.  කාලයේ දිගින් දිගටම මේ ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය දැඩි ලෙස සාකච්ඡාවට බදුන් කළ දෙයක් තමයි මේ යුනිටරි කියන වචනය. මේ බෙදුම්වාදී කණ්ඩායම් ඉල්ලා සිටිනවා මෙහි යුනිටරි කියන එක තියන්නේ නැතුව මෙහි සිංහල වචනය ඒකීය ලෙසටත් දමිල වචනය උරිමත්තුනාඩු විදිහටත් පමණක් තියන ගමන් යුනිටරි කියන ඉංග්‍රීසි වචනය භාවිතයට නොගන්නා ලෙසට.

එයට හේතුවක් තිබෙනවා. මේ යුනිටරි කියන වචනයට තියෙනවා ජ්‍යත්‍යන්තර අර්ථයක්. එතකොට මේ තියන ජ්‍යාත්‍යන්තර අර්ථය ප්‍රතික්ෂේප කරලා එය බැහැර කරලා සිංහලට හෝ දෙමළට පමණක් අයිති වචන එක්ක මේ ගමන යාම හරහා ඔවුන් රටේ ඒකීය භාවය නැති කිරීම සදහා අවශ්‍ය මූලික පදනමයි මේ සකසමින් ඉන්නේ.

ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් නිතරම නායක ස්වාමීන් වහන්සේලාට සහ රටේ ජනතාවට නිරන්තරයෙන් කියන වචනයක් තමයි ඒකීය කියන එකනම් අපි වෙනස් කරන්නේ නෑ කියලා. නමුත් ඒකීය භාවය සැබෑ ලෙස නැතුව ඒකීය කියන වචන ටික පමනක් ඉතිරි කරගැනීමේ වැඩපිලිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යුනිටරි කියන වචනය පැහැදිලිවම අපේ ව්‍යවස්තාව තුල නොවෙනස්ව තිබිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

ඒ වගේම වත්මන් ව්‍යවස්තාවේ දිස්ත්‍රික්ක 25 කින් තමයි අපේ රට සමන්විත වන්නේ. නමුත් මේ සකස්කරගෙන යනු ලබන ව්‍යවස්ථාවේ දිස්ත්‍රික්ක හැටියට නෙවෙයි පළාත් වශයෙනුයි රට බෙදෙන්නේ. මෙහි පළාත් කීයක් ද කියන එකවත් සදහන් කරන්නේ නැහැ. මන්ද යම් පළාත් එකතු කරීම් වැනි දේවල් උදාහරණයක් ලෙස ගත්තොත් උතුරු නැගෙනහිර එක් කිරීම වැනි දෙයක් මේ ව්‍යවස්ථාව හරහාම කරන්න මේ සාදන ව්‍යවස්ථාව හරහා ප්‍රතිපාදන තියෙනවා. ඒ නිසා මොවුන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම් වගේ කාරණා වෙන් වෙන්ව කතා කරන්නෙත් නැහැ. මොකද එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නෑ ඒ සදහා සියළු ප්‍රතිපාදන මේ ව්‍යවස්ථාව තුලම තියෙන නිසා.

පාලකයෝ මේ නව ව්‍යවස්ථාව ගැන රටට කියයි අපි බුදු දහම රැකගත්තා. අපි ඒකීය බාවය රැක ගත්තා යනාදි වශයෙන්. එහෙම වහසිබස් දොඩන්නත් හොද අවස්ථාවක් තබාගෙනම තමයි මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ඉදිරියට අරගෙන යන්නේ.

මේ යෝජිත ව්‍යවස්ථාව තුල යෝජනා කෙරෙනවා ජාතික ගීය ශ්‍රී ලංකා මාතා සහ ශ්‍රී ලංකා තායේ යන දෙවිදිහටම තිබිය යුතුයි කියලා. අපි කියන්නේ ඒක දැන් පවතින විදිහටම තිබිය යුතුයි කියන එකයි. ඒ සම්බන්ධයෙන් අළුත් තීරණ අවශ්‍ය නෑ කියන එකයි අපේ ස්ථාවරය.

ඒ වගේම මේ නව යෝජනාවලියේ තියෙනවා ශ්‍රී ලංකාව බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය කියලා කතාවක්. ශ්‍රී ලංකාව කොහොම බුදු දහමට මූලිකත්වය පිරිනමලා තියෙන රටක් තමයි. ඒක අමුතුවෙන් පිරිනමන්න දෙයක් නෑ. මේක ශ්‍රී ලංකා ජනරජය බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනමන්න විය යුතුයි. නමුත් හිතාමතාම ක්‍රමාණුකූලව මේ ශ්‍රී ලංකා ජනරජය කියන එක හලල දමලා තියෙනවා.

මෙවැනි රටේ ඒකීය භාවයට බුදු දහමට අහිතකර යෝජනා රාශියක් මේ වාර්තාව තුල තිබෙනවා.

මේ වත්මන් රජය තමන්ට අවශ්‍ය බොහෝ දේ සිදුකරගත්තේ සම්ප්‍රදායට හා සදාචාරයට එරෙහිව ගිහිල්ලයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඔවුන් සම්මත කලේ කහොමද. ඒක කලේ තක්කඩිකමින් කියන වචනය හැර වෙනත් වචනයක් නැහැ කියන්න. පළාත් පාලන ආයතන පළාත් සභා සම්බන්දයෙනුත් ඔවුන් පනත් කෙටුම්පත් සම්මත කර ගත්තේ ඒ විදිහට. ඒ නිසා මේ ව්‍යවස්තාව සම්මත කරගැනීමත් සදාචාර සම්පන්න නොවන තමන්ට අවශ්‍ය ක්‍රමයට ඉදිරියේදී රජය විසින් සිදුකරන්න කටයුතු කරන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More