දේශීය පුවත්

මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ දිවයින පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි තිස් හයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් විසි හතරක් සක්‍රීයව ක්‍රියාත්මකව ඇති බව පොලිසිය දැනුම් දීතිබේ. මෙම අපරාධ කල්ලි මර්ධණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලීසියට නියෝග කර ඇත.

ඇතැම් අපරාධ කල්ලි සාමාජිකයන් විදේශගත වී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ. තවද කොවිඩ් වයිරසය පැතිර ගිය කාලය තුළ යතුරුපැදි සහ රන්මාල සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි වැඩි වී ඇති බවද පොලීසිය මෙහිදී අනාවරණය කර තිබේ. බියෙන් සැකෙන් තොරව ජනතාවට ජීවත් වීමට උචිත පරිසරයක් නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පොලීසියට උපදෙස් ලබාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More