දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය පවසා සිටින්නේ “රට තුළ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන වෙලාවක විපක්ෂයක් හැටියට කරන්න ඕනේ ආණ්ඩුවත් සමග එකට එකතු වෙලා මේ තත්ත්වය මර්ධණය කරලා රටේ ජනතාව බේරා ගන්න සහයෝගය දක්වන එක’’ බවයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ පටු අරමුණින් හා උමතුවෙන් විපක්ෂය හැසිරෙන බවත් ඒ පිළිබඳව තමා කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය සඳහන් කළාය.

ඇය මෙසේ ද කියා සිටියාය.

කොරෝනා වසංගතය හමුවේ මිය යන මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ මෘත දේහ පමණක් නොවෙයි අනෙකුත් ආගම්වල පුද්ගලයින්ගේ මෘත දේහ ද ආදාහනය කරනවා. සෞඛ්‍ය බළධාරීන් ලබාදී තිබෙන නිර්දේශවලට අනුකූලවයි මේ ආදාහන කටයුතු සිදු කෙරෙන්නේ.

කොවිඩ් 19 මෘත දේහ ආදාහනය කරනවා කියන එක රටේ සියලූම ආගම්වලට පොදුයි.

දැන් මේ ගැන හාරඅවුස්ස අවුස්සා උද්ඝෝෂණ රටපුරා පවත්වමින් විපක්ෂය කරන්නේ මුස්ලිම් ජනතාව අවුස්සන එකයි. එක පැත්තකින් ඒ අය මේ රටම අනතුරේ හෙළනවා.

විපක්ෂය මේ වෙලාවේ කරන්න ඕන එවැනි පහත් විදිහේ දේවල් නොවෙයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමිය, වෛද්‍යවරු මේ සියලූ දෙනා හමුවෙලා මේ වසංගත තත්ත්වය මර්ධනය කරලා, රටේ ජනතාවගේ ජීවිත බේරා ගන්න සාකච්ඡා කරන එකයි. මේක දේශපාලන කතන්දරයක් නොවෙයි. මේක සෞඛ්‍ය ප‍්‍රශ්නයක්. මේ වෙලාවේ රටේ කොවිඩ් වසංගතය දේශපාලනය කර ගන්න එපා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More