දේශීය පුවත්

ඇටසැකිලි බවට පත්වනතුරු ජාතික ආණ්ඩුවේ සිටිනවාද එසේත් නැතහොත් ලේ, මස්, නහර සහිතවම මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද, කියා තීරණයක් ගතයුතුව තිබෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් විමසීමක් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනාඩි 40ක කාලයක් වත්මන් ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති දයාසිරි ජයසේකර මහතාගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව සමඟ සම අනුග්‍රාහකත්වය දරන යෝජනාවක් ඉදිරිපත් කිරීමට එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියා කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තබා කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව බව දයාසිරි ජයසේකර මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

විදේශ විනිසුරුවරුන්, විදේශ අධිකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළකරද්දී මෙවැනි යෝජනා ගෙන ඒමෙන් පක්ෂයේ ප්‍රතිපත්ති රැකෙන්නේ නැති බව දයාසිරි ජයසේකර මහතා පවසා ඇත. හම්බන්තොට වරාය චීනයට බදු දීම සිදුවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව බවද ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දී ඇත.

මත්තල ගුවන්තොටුපොළ සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමේ සැලසුමක් එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාවට නංවා තිබෙන බවද ඔහු පවසා තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අය – වැය 4න් 3ක්ම ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ලබා නොගෙන බවද දයාසිරි ජයසේකර මහතා පවසා ඇත.

මේ සියලුම ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවමින් පෞද්ගලීකරණය ප්‍රබලව සිදුකිරීම සඳහා සැලැසුම් සකස් කර තිබෙන බවත් මේ ප්‍රතිපත්ති සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවදුරටත් ඉදිරියට යෑමට කිසිසේත්ම නොහැකි බවද ජයසේකර මන්ත්‍රිවරයා තවදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More