දේශීය පුවත්

කොවිඩ් -19 වෛරසය වැළඳුණු දේහයක් රහසිගතව නිදහස් කර හැරීමේ සිද්ධියක් අනාවරණය වී ඇතිබව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි පවසති.

ස්වාමීන් වහස්සේ පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් තමන් වෙත ලැබී ඇති බවය.

මෙම අනාවරණය පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවට විශ්වාස කරන බවද චන්ද්‍රරතන හිමියන් පැවසීය.

“මේ ගැන පරීක්ෂණයක් කරලා මේ කොවිඩ් -19 වැළඳිච්ච දේහය නිදහස් කර ගැනීමට කටයුතු කරපු අධිකරණ වෛද්‍ය නිලධාරීයාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්. මේ කොවිඩ් -19 වැළඳිච්ච කාන්තාවක් නිදහස් කරලා තියෙන්නෙ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින්. 2020 නොවැම්බර් මාසේ  29 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙනවා. ජාතික රෝහලේදී ඇයට කළ PCR පරීක්ෂණය පොසිටිව් වෙනවා. ඒ නිසා ඇයව IDH රෝහලට මාරු කරනවා. එහිදී දින කිහිපයකින් ඇයගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් කරලා ඒකෙනුත් ඇය පොසිටිව් වෙනවා. එහිදී කොවිඩ් වෛරසය ඇයගේ ශරීරයෙන් පහ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා කියනවා. ඊට පස්සේ දෙසැම්බර් 10 වැනිදා IDH රෝහලේ හිටපු මෙම කාන්තාව නැවත ජාතික රෝහල වෙත මාරුකරලා එවනවා. 11 වැනිදා ඇයව රෝහලෙන් නිවසට පිටත්කරලා හරිනවා,”

“දෙසැම්බර් 12 වැනිදා හවස 5.45ට පමණ ඇය, ඇයගේ නිවසේදී මරණයට පත්වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ඇයගේ සිරුර තුළ කොවිඩ් -19 පොසිට්ව් කියන එක ඉතාම පැහැදිළිව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ සඳහන් වෙනවා. ඇයගේ දේහය තුළ කොවිඩ් -19 පොසිටිව්ව පැවතියත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ ඒ සම්බන්ධ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එකතුවෙලා සිදුකරන සාකච්ඡාවකින් පසුව ඇයගේ දේහය නිදහස් කරලා යවන්න කටයුතු කරලා තියෙනවා. මේ දේහය භුමදානය කළේ නම් බරපතළ අනතුරක ඉන්නේ.” යනුවෙන් ද පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More