ප‍්‍රධාන පුවත්

ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍ය සහ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ජෝ බයිඩ්න් ඇතුලු ඉහල පෙළ නායකයින් විසින් වසංගත රෝග විශේෂඥයෙකු ලෙස ඉතා ඉහලටම ඔසවා තබා ඇති ආචාර්‍යය වෛද්‍ය ඇන්තනී ෆවුසි (Dr. Anthony Fauci) ඇමරිකාවේ නිෂ්පාදිත කොවිඩ් 19 එන්නත් ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන ලෝකයට බොරු කිවූ බව පිළිගෙන තිබේ.

මොහුට දී ඇති මාධ්‍ය ප්‍රචාරණය නිසාම මොහු දේවත්වයෙන් සලකන ඉතා විශාල පිරිසක් ඇමරිකාවේ මෙන්ම ලොව අන් රටවලද බිහි වී තිබේ. ඒ අතර දේශපාලකයින් මෙන්ම විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තිකයින් ඇතුලු විවිධ වෘත්තිකයින් සිටීම කැපී පෙනේ.

කොවිඩ් 19 එන්නත් පිළිබඳව විවිධ අවස්ථාවල පරස්පර විරෝධී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත් පත දැඩිව කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජන මත විචාරණ වල ප්‍රතිඵල වලට වඩා අතිශයෝක්තියෙන්; එම එන්නත් වල අවශ්‍යතාවය සඳහා ජනතාව පෙළඹවීමට තමන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කරන ලද බවයි.

ඊයේ (24) දිනට යෙදී තිබූ ෆවුසිගේ 80 වන උපන් දිනය අලලා වාර්ථාවක් පළ කරන නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසන්නේ ඔහුගේ ප්‍රකාශවල අර්ධයක් විද්‍යාව සහ ඉතිරිය ඔහුට ඇති ඉමහත් ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ඔහු දන්නා නිසා ඒ හරහා එන්නත සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණ බවයි.

එම ප්‍රකාශයන් තමන් කලේ තම විශ්වාසය මත තමාට ඇති හිතලු මතින් බව ෆවුසි පවසයි.

මේ අතර ඔහුගේ උපන් දිනය විශ්මිත අවස්ථාවක් කිරීම සඳහා සාදර උපන් දින සුභ පැතුම් ගායණයකින් ඔහුව පිළිගැනීමට ඔහුගේ හිතවතුන් සමඟ ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිඳ මෙසේ එක්ව සිටියේය.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න.

https://www.rt.com/usa/510706-fauci-lied-herd-immunity/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More