දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අංශ මෙන්ම ජනතාවද වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා තුන්වෙනි රැල්ලක් පැමිණීමේ අවදානමක් නිර්මාණය වීම කිසිසේත්ම නතර කළ නොහැකි බවයි.

කොරෝනා අවදානම ජනතාවට සන්නිවේදනය කිරීම නිසි ආකාරයෙන් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ චීනය විසින් කොරෝනා පාලනය කිරීමට යොදාගත් උපක්‍රම ශ්‍රී ලංකාවද අනුගමනය කල යුතු බවත් එවැනි උපක්‍රම ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් තරම් අනුගමනය නොකරන බවත්ය.

කොරෝනා දෙවෙනි රැල්ල මේ වන විටත් පාලනයෙන් ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී රටේ ඇති බවත් තැනින් තැන කොරොනා පොකුරු මතුවෙමින් පවතින බවත් පවසන ඔහු වෛරසය පාලනය කිරීමට අනුගමනය කළ යුතු ප්‍රධාන උපක්‍රම සියල්ල මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට නැති බවත් අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More