අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඞ් 19 වසංගතයෙන් අසරණ වී සිටින සියලූ දෙනාම එම විපත්තියෙන් බේරා දෙන ලෙස ඉල්ලා යාච්ඤා කරන ලෙස ලෝ වැසි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව නත්තල් මංගල්‍යය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටිති.
උන්වහන්සේ විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවිඩය මෙතෙනින්,
තේජශී‍්‍රයෙන් වඩින බව කියැවෙන උන්වහන්සේගේ ප‍්‍රතාපවත් දෙවන ආගමනයේදී මෙන් නොව නිහඬ සහ නිහතමානීව බෙත්ලෙහෙමේ සිදුවන පළමු වර පැමිණීම සඳහා ස්වාමීන් වහන්සේ තෝරා ගත්තේ ඉතාමත් නොවටිනාසුළු කුඩා ස්ථානයකි. බෙත්ලෙහෙමේ ගවහල මනුෂ්‍යයාගේ අසරණකම වැළඳගන්නා දෙවියන් වහන්සේගේ ප‍්‍රබල ප‍්‍රකාශනයකි. 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා දක්වන්නේ ක‍්‍රිස්තෝත්පත්තිය පිළිබඳ විස්මාන්විත වූත් සත්‍ය වූත් කාරණය වනාහි දෙවියන් වහන්සේ විශ්වයේ අංශුවක් වන මහ පොළොව සිය දිව්‍යමය ක‍්‍රියාකාරීත්වයේ තෝතැන්න ලෙස තෝරා ගැනීමත් මිහිපිට බලසම්පන්න ජාතියක් නොවූ ඊශ‍්‍රායෙල් සෙන`ග සිය ක‍්‍රියාවන් සඳහා වාහකය ලෙසත් කිසිවකු නොදත් ගමක් වන නාසරෙත් සිය නිවහන ලෙසත් කිසිවකු ගණන් නොගත් කුඩා ගම්මානයක් වන බෙත්ලෙහෙමේ අතහැර දමන ලද ගවගාලක් වැනි සිතීමටත් බැරි තැනක සිය උපත සිදුවීමට තෝරා ගැනීමත්ය. ශුද්ධෝත්තම පියතුමා පවසන්නේ මේ සියල්ලම ඉහත නිහතමානී වීමට අනුකූල වන බවය.
නත්තල වනාහි දෙවියන් වහන්සේ අප සම`ග සිටිමින් උන්වහන්සේගේ එකම පුත‍්‍රයාණන් අනන්ත පේ‍්‍රමයේ සහ දයාකරුණාවේ සලකුණ වශයෙන් අපට ඉදිරිපත් කරමින් අපේ ගැලවීම අරඹයා උන්වහන්සේ පිපාසයෙන් පසුවන්නේය යන සුභාරංචියයි. එහෙත් එෙ`ඞ්රුන් සහ පෙරදිගින් පැමිණි සැදැහැවත් ශාස්ත‍්‍රවන්තයින් මෙන් උන්වහන්සේ හඳුනාගෙන උන්වහන්සේ තුළ ජීවිත වෙනසක් අත්දැක උසස් ජීවිත තත්ත්වයකට ගමන් කළ හැක්කේ යටහත් පහත් ගුණයෙන් යුත් නිහතමානී මනුෂ්‍යයන්ට පමණි. දෙවන ආගමනය මෙන් නොව බෙත්ලෙහෙමේ සිදු වූ පළමු ආගමනය හෙවත් ජේසු උපත සැබැවින්ම මුදු නිහතමානී බවින් සමලංකෘත වූවකි. එබැවින් ප‍්‍රියාදර සහෝදර සහෝදරියනි, අපට පැහැදිළිව පෙනී යන්නේ නත්තල ගැඹුරු අධ්‍යාත්මික සංසිද්ධියක් බවය. එනම් බෙත්ලෙහෙමේ උපන් ජේසු සමිඳුන් තුළින් විඉමාන වන දේව පේ‍්‍රමය අත්විඳිමින් උන්වහන්සේ තුළ ජීවිත පරිවර්තනයක් සඳහා අප ලබා ඇති කැඳවීමට ප‍්‍රතිචාර දැක්වීමය. එය බාහිර ආටෝප පිළිබඳ කාරණාවක් නොව යටහත් පහත්කමින් සහ විශ්වාසයෙන් ජේසුස් ස්වාමින් වහන්සේ සොයමින් අප චිත්ත අභ්‍යන්තරයට පිවිසීමකි. එබැවින් මෙම කාලය වූ කලී ආත්මාර්ථයෙන් හිස් වී දේව විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේ අප සම`ග වැඩසිටින බව නිහතමානීව අවබෝධකර හිස් වී දේව විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේ අප සම`ග වැඩසිටින බව නිහතමානීව අවබෝධකර ගැනීමෙන් ඇතිවන ඇතුලාන්ත සතුට විශේෂයෙන් සිතට දැනෙන කාලයකි. දුප්පත් එෙ`ඞ්රුන් සහ එතුමන් නැමදීමට ආ ශාස්ත‍්‍රවන්තයින් සම`ග ගැඹුරු ඇදහිල්ලෙන් යුතුව බෙත්ලෙහෙමේ උපන් දේව බිලිඳා සොයා අපද යායුතුවේ. දරුවා රැුකබලා ගැනීමට ජුසේතුමා තුළ ඇති වූ දැඩි ආශාවටත් දරුවා ගැන පුදුමයෙන් පුදුමයට පත්වීමට මරියතුමියටත් බලපෑවේ මෙකී දේවල්ය. තවද මෙසියස් තුමන් මුලින්ම මුණගැසුණු දුගී එෙ`ඞ්රු සමග එක්වන්නට අපටද ඇරයුම් කරනු ලබයි. සිය පෞද්ගලික බලකාමී අභිලාෂ සාක්ෂාත් කර ගැනීමට ජේසු බිලිඳුන්ව පාවිච්චි කිරීමට සැරසුණු හෙරෝද් අනුගමනය කිරීමට අපට නොහැකිය. නත්තල ඇත්තෙන්ම දෙවියන් වහන්සේට මුල්තැන දෙමින් ස්වාර්ථය අමතක කරමින් අනෙකා ගැන සිතන කාලපරිච්ෙඡ්දයකි.
නූතන ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ ලෙස මෙම උපත සැමරීමට අප කැඳවනු ලැබ ඇත්තේ, කොවිඞ් -19 වසංගතය නිසා අභියෝග රාශියකට මැදවී අසරණ වී සිටින දෙවියන් වහන්සේගේ දිළිඳු දුප්පත් ජනතාව සම`ගය. ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම කෝටි සංඛ්‍යාත ජනතාවකට කොවිඞ් -19 වසංගතය ඉමහත් පීඩාවක් සහ අසහනයක් ගෙන ආ ව්‍යසනයක් වී ඇති බව සැබෑය. එය අප සැමගේ සමස්ත ජීවන රටාවම උඩුයටිකුරු කර තිබේ. බොහෝ දෙනෙකුට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දැඩි බියකින් සහ සිය පෞද්ගලික නිදහසට එල්ල වී ඇති බරපතළ සීමා මැදය. අපෙන් බොහෝ පිරිසක් තවම සිටින්නේ බාහිර සමාජයෙන් වෙන්වී නිවෙස්වල නිරෝධායනයට ලක් වී සිය නිදහස අහිමි වී තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටත් නොහැකි තත්ත්වයකය.
මේ නිසාම ඉහත අප කී නත්තලේ සැබෑ අරුත වටහා ගනිමින් නත්තල සමරන්නට අපට සිදු වී තිබෙන්නේ මේ වසංගත තත්ත්වය තුළින් පීඩාවට පත්ව ඇති පසුබිමක් තුළය. දිළිඳු ගවලෙනේ ගව ඔරුවක විනා හිස තබා ගන්නටවත් තැනක් නැතිව, හරි සීතලේ උණුසුමට කිසි සළුපිළි නොමැති, රෙදි පාංකඩවලින් ඔතා, කාත් කවුරුත් නොදත් බෙත්ලෙහෙමේ ලෙනක උපන් බිලිඳා සොයා යෑම නත්තලේ අරුත වේ නම්, මෙම වසංගත තත්ත්වය නිසා දරු පවුල නඩත්තු කර ගැනීමට බැරිව දුක් විඳින සුවහසක් දිළිඳු අය අතරේ තනිකමින්, ලෙඩ දුකින්, කුස ගින්නෙන් පීඩා විඳින ‘එම්මෑනුවෙල්’ දෙවියන් වහන්සේ සොයා ගැනීමට අපට අද පැවරෙයි.
මා ආදරණීය සහෝදර සහෝදරියනි, නත්තල අර්ථවත්ව ගත කිරීමට එනම් සැබෑ ඇතුලාන්ත සිත් හැරීමක් තුළින් දෙවිඳුන් වෙත ළං වෙමින් බෙත්ලෙහෙමේ උපන් දෙව් බිලිඳා අප සිත් තුළට භාර ගැනීමට දිළින්දත් සම`ග සහකම්පනයෙන් යුතුව ක‍්‍රියා කළහොත්, උත්සව සාද සහ ප‍්‍රිය සම්භාෂණවලින් ලබන තාවකාලික සතුටට වඩා නිරාමිස දිව්‍ය සතුටකින් අපේ සිත්සතන් පුරවා ගැනීමට අපට පුළුවන. මෙවර නත්තලේ මම ඔබට පතන්නේ මෙම නිරාමිස සතුට සොයා ගැනීම සඳහා අවශ්‍ය නිරහංකාර නිරන්තර ආධ්‍යාත්මික සෙවිල්ලයි. එම සතුට අපට මුණගැසෙන්නේ, ලබාගැනීමට වඩා තමා ළ`ග තිබෙන දේ දීමටත් පේ‍්‍රම කරනු ලැබීමට වඩා පරහට පේ‍්‍රමය පෑමටත් රැුස් කර ගැනීමට වඩා බෙදාහදා ගැනීමටත් සැක කිරීමට වඩා විශ්වාස කිරීමටත් යුහුසුළුවීමෙනි.
ඔබට ප‍්‍රීතිය සතුට පිරි ශ‍්‍රී සුභ නත්තල් මංගල්‍යයක් වේවායි මම ඉත සිතින් පතමි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...