දේශීය පුවත්

බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යා ගවේෂකයන් පිරිසක් සිදු කළ විමර්ශණයකදී; ඊශ‍්‍රායලයේ නාසරෙත් පිහිටි කන්‍යාරාමයක පතුලේ තිබී ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කුඩා කල සිටි ස්ථානය හමු වී ඇත. ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පියා වූ ජෝශප් සහ මව වූ මරියතුමී නතර වී සිටි බවට සැක කරන මෙම ස්ථානයේ තිබී යුදෙව් ජනතාව භාවිත කරන උපාංග හමු වී තිබේ.

වසර 14ක කාළයක් තිස්සේ සිදු කල මෙම ගවේශණයෙන් පසු බි‍්‍රතාන්‍ය ගවේෂකයෝ තවදුරටත් අනාවරණය කර සිටින්නේ මෙම නාසරෙත් කන්‍යාරාමයට සමීපව ඇති ඓතිහාසික පල්ලියෙන්ද ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ නතර වී සිටි ස්ථානය තහවුරු වූ බවයි.

1880 ගණන් වලදී ප්‍රථම වරට සොයා ගන්නා ලද ගල් වාසස්ථානය නගරයේ හුණුගල් කඳු බෑවුමකට අර්ධ වශයෙන් කපා ඇත්තේ දක්ෂ ශිල්පියෙකු විසිනි. එය බොහෝ විට ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පියා වන ජෝසප්තුමා වන්න ඇති බව පර්යේශකයින් සඳහන් කර සිටිති.

1936 සිට 1964 දක්වා කාලය තුළ ජේසු නිකායික පූජකයෙකු විසින් තවත් කැණීම් කටයුතු සිදු කරන ලද අතර, පසුව මහාචාර්ය කෙන් ඩාර්ක් 2006 දී නව ව්‍යාපෘතියක් ආරම්භ කරන තෙක් එය විද්වතුන්ට බොහෝ දුරට අමතක විය. මුළික සොයාගැනීම් මත පදනම්ව ඔහු 2015 දී ලිපියක් ප්‍රකාශයට පත් කළ අතර, මේරි සහ ජෝශප්ගේ නිවස ලෙස එහි අනන්‍යතාවය යෝජනා කළේය. පසුකාලීන විශ්ලේෂණයන් එය 1 වන සියවස දක්වා දිවෙන බව සනාථ කර ඇත.

ජෝසප් වඩු කාර්මිකයෙකු බව ප්‍රකට ය. එහෙත් එය අළුත් ගිවිසුමේ ‘ටෙක්ටන් ‘ ලෙස හඳුන්වනු ලැබීය.ඔහුට නිවසක් තැනීමට හැකියාවක් තිබූ ශිල්පියෙකි. මෙම වාසස්ථානය මිදුලේ නිවසක් විය හැකි අතර මළුව අසල විසිත්ත කාමර සහ ගබඩා කාමර සහ බාහිර ගෘහ කටයුතු සඳහා වහල විය. “ක්ෂේත්‍ර වැඩ පිළිබඳ වසර පහක දැඩි පර්යේෂණ මගින් පළමු ශතවර්ෂයේ නිවසක් සහ සිව්වන පස්වන සියවසේ පල්ලි සඳහා සාක්‍ෂි තහවුරු කර ඇති අතර ඒවා කෙරෙහි නව ආලෝකයක් විහිදේ” යැයි මහාචාර්ය ඩාර්ක් පැවසීය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More