දේශීය පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතාව සමාජය හඳුනන්නේ දැඩි “බැසිල් රාජපක්ෂ වාදියෙකු” ලෙසයි. සමහරුන්ගේ විග්‍රහයට අනුව මහින්ද පතිරණ මහතා ලවා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට අවශ්‍යය දේ කියවා ගනී. කෙසේ වුවද අපි එතරම් අන්තවාදී අන්තයන්ට තල්ලු වීමට සූදානම් නැත.

එහෙත් මහින්ද පතිරණ මහතාට එරෙහිව සමාජ ජාලා හරහා එල්ල වන පිලිකුල් ප්‍රතිචාර හේතුවෙන් ඒ මහතාගේ ක්‍රියා කලාපයන් පිළිබඳව අවදියෙන් සිටියෙමු. එහිදී අපට දැක ගත හැකි වූයේ මහින්ද පතිරණ මහතා ඉතාම නිර්ලජ්ජිත ලෙස ගෝඨාබහය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අතිවිශාල දායකත්වය දැක්වූ සමාජ කොටස් සමච්චලයට අවමානයට භාජනය වන ලෙස මතවාද සමාජගත කරමින් සිටින බවයි.

අනෙක් අතට මුස්ලිම් අන්තවාදී කොටස් උත්තේජනයට පත්වන ආකාරයේ ක්‍රියා මාර්ග වලට ආණ්ඩුව කටයුතු කළ යුතු බව හැඟවෙන ආකාරයේ මතවාද පතුරුවමින් සිටී. ඔහු විසින් ඔහුගේ “ෆේස් බුක් ” පිටුවේ තැබූ සටහනක් ආරම්භ වන්නේ “මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ.” යනුවෙනුයි. එම සටහන ඔහු අවසන් කරන්නේ ඔහු විශ්වාස කරන ක්‍රියාමාර්ග වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෙනී සිටිනවා (නැතහොත් පෙනී සිටවනවා) යන අධිෂ්ඨානය ඇතිවයි.

ඔහුගේම වචන තවත් ස්ථානයක “ෆේස් බුක්”පිටුවේ සටහන් වන්නේ ” මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්⁣ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.” ලෙසයි.

මේ වන විට මහින්ද පතිරණ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් පොදු ජන එක්සත් පෙරමුණ තුළ සිටින පලාත් පාලන, හිටපු පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරද දැඩි කතාබහක් මෙන්ම දැඩි විරෝධයක්ද එල්ලවී තිබෙන බව අප වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහ මහ මැතිවරණයෙදී පොදු ජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණ වෙනුවෙන් ඇප කැප වුනු විවිධ පිරිස් වෙතින් අදහස් විමසීමක් කළෙමු. එහිදී එම සියලු කොටස් වල පොදු අදහස වූයේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී වහාම “හරකාට” මුඛවාඩම් බැඳිය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More