ප‍්‍රධාන පුවත්

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ ආයතනය (Gamaleya Institute) සහ මුල්‍ය සම්පත්දායකයින් වන Russian Direct Investment Fund පසුගිය දෙසැ. 11වන දින සිය අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව AstraZeneca සමාගම සමඟ ඒ පිළිබඳ “සහයෝගීතා ගිවිසුම” දෙසැම්බර් 21 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඉදිරියේ දී නිළ වශයෙන් අත්සන් කළ බව Skype තාක්ෂණය ඔස්සේ නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ “මෙම ඒකාබද්ධ පර්යේෂණයන්, එන්නත් සහ ඖෂධ පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති” බවයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව නිපදවා ඇති AstraZeneca එන්නත මේ වනවිට වාර්තා කර ඇත්තේ 71%ක සාර්ථකත්වයක් පමණක් වන අතර මේ වනවිට Sputnik V එන්නත 96%ක සාර්ථකත්වයක් වාර්තා කර ඇති බව ගැමලියා පර්යේෂණ ආයතනය සහතික කර තිබීම එංගලන්තයේ මෙම සහයෝගීතා යෝජනාවට හේතු වී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න

https://apnews.com/article/moscow-coronavirus-pandemic-vladimir-putin-europe-russia-c419505981f445dffd46632b0a171e4f



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More