දේශීය පුවත්

රටේ මේ වනවිට සිදුකරමින් පවතින දැවැන්ත පරිසර හානියට එරෙහිව “ඩෝසරයට එරෙහිව පරිසරය වෙත යළි හැරෙන කතාබහක්” යනුවෙන් සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කටයුතු සිදු කර ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.

“සියල්ලට මිලක් නියම කරන කෑදර ධනවාදයට පරිසරය සම්බන්ධයෙන් ද ඇත්තේ ඊට වෙනස් අදහසක් නොවේ. එවැනි සමාජ ආර්ථික ක්‍රමයක් තුළ කොල්ළකාරී බහුජාතික සමාගම් හා එක්වී පරිසරයෙන් ලාභ සොයා යන දේශීය නියෝජිතයින්ට “ව්‍යාජ දේශප්‍රේමී පාලකයින්ගේ” ද නොමද සහය ලැබෙන විට පරිසරයට අත්වන ඉරණම අද අප අත්දකිමින් සිටින යථාර්ථයයි. ඉදින් එවැනි තත්වයක් තවදුරටත් පැවතුණහොත් රටේ අනාගත පරපුරට අවසානයේ උරුම වනු ඇත්තේ ඇළ දොළ ගංගා සිඳී ගිය, ජීවයෙන් තොර මුඩුබිමක් පමණි.

පිරිසිදු භූමියක, නිල්වන් ජල පද්ධතියක්, සුපවිත්‍ර වායුගෝලයක් සහ සුරක්‍ෂිත සුන්දර පරිසරයක් යන්න සිහිනයක් පමණක් නොවනු වස් “සැබෑ දේශප්‍රේමීන්ට, පරිසරප්‍රේමීන්ට” මතු නොව මානව පැවැත්මේ ඉදිරිය පිළිබඳ සිතන සියලු මිනිසුන්ට මෙම විනාශයට එරෙහිව පෙළගැසෙන්නට බලකරනු ලැබ තිබේ. “ඩෝසරයට එරෙහිව” නැගෙන හඬ ඒ සියලුදෙනාගේ බලාපොරොත්තුවය; ක්‍රියාකාරිත්වයය.” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙයි.

මෙහි ආරම්භක සම්මන්ත්‍රණය ජවිපෙ මධ්‍යමකාරක සභික සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිලීප විතාරණ මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී දෙසැම්බර් 28 සවස 3.30ට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවත් සෙසු සම්මන්ත්‍රණ ඉදිරි දිනයන්හිදී පහත නගරවලදී සිදුකිරීමට නියමිත බවත් ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර සිටී.

හම්බන්තොට – ජනවාරි 09, කොළඹ – ජනවාරි10, මහනුවර – ජනවාරි 15, බණ්ඩාරවෙල – ජනවාරි17, මොණරාගල – ජනවාරි13, ගම්පහ – ජනවාරි18, අම්පාර – ජනවාරි 19, ත්‍රීකුණාමලය – ජනවාරි 26



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More