කොවිඩ් – 19 වෛරසය අසාදනය වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර ඇති ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාව ඊයේ (23) දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වයං නිරෝධායනයට යොමු කළ බවත්; ජීවන් තොණ්ඩමන් මහතාගේ ඵ්CR වාර්තාවක් ඉදිරියේදී ලබාගැනීමට නියමිත බවත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේය.
මේ මස 17 , 18 සහ 19 යන තෙදින තුළම ජීවන් තොණ්ඩමන් මහතා කොවිඩ් – 19 වෛරසය අසාදනය වු කදීර් සෙල්වම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වී සිට ඇති බවට සෞඛ්‍ය අංශ මේ වනවිට තහවුරු කරගෙන තිබේ.
මේ අතර මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවය.
අමාත්‍ය සී.බී රත්නායක මහතා පැමිණ සිටි රැස්වීමකට සහභාගීවීම හේතුවෙන් මේ දිනවල තමාද හුදකලාව සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මීට අමතරව තලවකැලේ ලිඳුල නගරාධිපතිවරයා, නුවරඑළිය, කොටගල, අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද ඇතුළු සේවකයින් 10 දෙනෙකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තා වේ.
මෙසේ, ස්වයං නිරෝධායනයට ලක්කර සිටින ජීවන් තොණ්ඩමන් මහතා නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේ සඳුදා (21) දින පැවති වතුසේවක වැටුප් ගැටලුව සාකච්ජා කිරීමට කැඳවා තිබු රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සමගින් එක් වී සිටියේය.
(දෙරණ පුවත් ඇසුරෙනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...