දේශීය පුවත්

කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ගොනු කර තිබූ පෙත්සම්වලට එරෙහිව නීතිඥ චරිත සිරිවර්ධන මහතා ලිඛිත දේශන ගොනු කරණු ලැබීය. එම ලිඛිත දේශනය මගින් සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු තුළ අනිවාර්යෙන්ම කොවිඩ් වෛරසය අඩංගු බැවින් ඒවා අකී‍්‍රය වන දිනයක් හෝ කාලවකවානුවක් සඳහන් කර නොමැති බවයි .

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020.09.04 වැනිදා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින්ම ඒත්තු ගන්වා ඇත්හේ කොවිඩ් ආසාදනය වූ මළ සිරුරු වලින් කොවිඞ් වෛරසය පැතිර යා හැකි බව යැයි නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු සහ පී‍්‍රති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ නීතිඥ චරිත සිරිවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද 2020.04.11 දිනැති අංක 2170 දරන ගැසට් පත‍්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් විය. එහිදී නීතිඥවරයා සිය ලිඛිත දේශනය මගින් දැඩිව අවධාරණය කරණු ලැබුවේ කොවිඞ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට යම් පාර්ශ්වයක් ප‍්‍රයත්න දරන සැමවිටම රටේ බහුතර ජනතාව තමන්ට එමගින් කොවිඞ් වැළඳේ යැයි භීතියට පත්ව නොසන්සුන්තාවට පත් වන බව යි.

නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනය මගින් මෙම මාරාන්තික වෛරසය නවතම වෛරසයක් වන බැවින් එහි හැසිරීම සහ බෝවීමේ රටාව සම්බන්ධයෙන් දැනට නිශ්චිතව නිගමනය කිරීමට නොහැකි බැවින් ඉන් ආරක්ෂා වීමට උචිත යැයි හැෙඟන ආදාහනය වැනි වැඩිමනත් පියවර ගැනීම වඩාත් හිතකාමී බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින් මනාව පැහැදිලි වන්නේ යැයි ද අවධාරණය කර තිබේ.

අන්තවාදීන්ගේ පාස්කු ප‍්‍රහාරයකට මෑතකදී ගොදුරු වූ රටක් ලෙස එම මළ සිරුරු භූමදානයෙන් පසු අන්තවාදීන් අතට පත්වුවහොත් ඔවුන් ඒවා උපයෝගි කර ගනිමින් කොරෝනා වෛරසය පහසුවෙන්ම මුළු මහත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් එවැනි මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම ජාතික ආරක්ෂාවට පවා බලවත් තර්ජනයක් වන බව තම ලිඛිත දේශනය මගින් පෙන්වා ඩෙහෙන නීතිඥ චරිත සිරිවර්ධන මහතා එකී මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප‍්‍රශංසාවට ලක්කරණු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More