දේශීය පුවත්

ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කර සිටියේ; බන්ධනාගාරගත විශේෂ ගණයේ සිරකරුවන් ආරක්‍ෂාවට සහ බන්ධනාගාර කැරළි මර්ධණයට විශේෂ ඒකකයක් පිහිටුවන බවයි.

දැනට කි‍්‍රයාත්මක බන්ධනාගාර බුද්ධි ඒකකයට අනුබද්ධව මෙය පිහිටුවන අතර කැබිනට් පති‍්‍රකාවක් මඟින් බන්ධනාගාර බුද්ධි ඒකකය විශේෂ ඒකකයක් ලෙස පිහිටුවීම සඳහා අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ සඳහා කඩිනම් පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වසර 12 ක යුධ හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටින හමුදා සෙබළුන් කණ්ඩායමක් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගෙන කෙටි පුහුණුවකින් පසු ඔවුන් සේවයේ යෙදවීමට කටයුතු කරමින් තිබෙන බව ද තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More