දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ හෙට දවස වෙනුවෙන් මෙන්ම, ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ගේ ආර්ථික අසීරුතා පිළිබඳව සලකා බලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත ගත් තීරණයක් අනුව; සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින සංචාරක හෝටල් වල හිඟ විදුලි බිල්පත් මත විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලංකා විදුලි බළ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දි තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ (2020) හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබා දී තිබූ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කරමින්, 2021 දෙසැම්බර් මස 31 දින දක්වා වසරක සහන කාලසීමාවක් ලබා දී තිබෙනවා.
අදාළ වසරක කාලය තුළ සමාන වාරික වලින් හිඟ විදුලි බිල්පත් පියවීමට හෝටල් කර්මාන්තයේ නියැලෙන්නන්හට මෙමඟින් අවස්ථාව ලබා දෙනු ඇති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...