ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි.
ඒ හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස එම කමිටුව, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා සඳහන් කර ඇත්තේ, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවය.
ඇතැම් ප්‍රදේශ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...