කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය “දේශපාලනික තීන්දුවක්” නොවිය යුතු බව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (23) අවධාරණය කළේය.
ඔහු පවසන්නේ වගකිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණය ද අපහසුතාවට පත්වී ඇති බවය.
මහෙස්ත්‍රාත් මේ පිළිබඳ ව අවධාරණය කළේ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මහර බන්ධනාගාරය තුළ පසුගිය දා ඇතිවූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විණි.
ඉන් අට දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.
බන්ධනාගාර ගැටුම පිළිබඳ නීති කෘත්‍ය කැඳවූ පසුගිය 16 වැනිදා එම අට දෙනාගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ කොවිඩ් අසාදිත එම මෘත ශරීර ආදාහනය කරන ලෙසය.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් කොවිඩ් ආසාදිත සෙසු මළ සිරුරු හතරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කළාය.
එහිදී රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ එම මෘත දේහ අදාහනය කිරීමට අකමැත්තක් නැති බවට ඔවුන්ගේ සමීප ඥාතීන් ප්‍රකාශ කර ඇති බැවින් සිරුරු අදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසය.
නමුත් අගතියටපත් පාර්ශ්වවල නීතිඥයින් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කරමින් චෝදනා කළේ විමර්ශකයින් මියගිය රැඳවියන්ගේ ඥාතින් නොමඟ යවමින් අදාහනය කිරීමට කැමැත්ත ලබාගෙන ඇති බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...