දේශීය පුවත්

මැද පෙරදිග කලාපයේ රැකියා විරහිතව අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු මව් රටට ගෙන ඒමේදි ආණ්ඩුවේ අනුමැතිය ලද සමාගම් කිහිපයක් විසින් එවැනි එක් අයෙකුගෙන් නිරෝධායන කාලය සඳහා දිනකට රුපියල් 14,000.00 ක මුදලක් අයකිරීම සම්බන්ධව පුවත් වාර්තා පලවේ. මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී.

ඒ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ලැජ්ජාවට පත් වෙන්න ඕන. අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ වසරකට ඩොලර් බිලියන 7ක් මේ රටට එවන්නේ මැද පෙරදිග ශ්‍රමය වගුරුවන අද ඒ රටවල අසරණ වෙලා ඉන්න මිනිස්සු බව. ඒ අය මේ ඩොලර් බිලියන 7 අපේ රටට එවනකොට ඒ අයගේ මල මිනී 300ක් වසරකට මේ රටට එනව. මේ මිනිස්සුන්ගේ ලේ කඳුළු මල මිනී එක්ක එන ඩොලර් බිලියන 7 නැතිනම් අපේ රටට වෙන දේ හිතා ගන්නවත බැහැ. එහෙම මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ නිරෝධායනය කියලා දවසකට රුපියල් 14000.00ක් අය කරන්න නීති පනවන එක අමානුෂික හෘදය සාක්ෂිය නැති ක්‍රියාවක්. සංචාරක කටයුතු අමාත්‍යාංශයේ සැප පුටුවල වාඩිවෙලා ඉන්න උදවිය කුඩා පරිමාණයේ හෝටල් නිරෝධායනයට ලක් වන අයට පහසුකම් සලසන්න ඉල්ලා හිටිනවානම් මේ කටයුත්ත දිනකට රුපියල් 3000ක් වැනි මුදලකින් ඉතා පහසුවෙන් ඉටු කර හැකියි. අපට තිබෙන ප්‍රශ්නය මෙහෙම පොඩි දෙයකටවත් නියෝගයක් දෙන්න කෙනෙක් නැද්ද කියන එකයි.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More