ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ වධ හිංසා පිළිබඳ විශේෂ වාර්තාකරු Nils Melzer විසින්; විකි ලීක්ස් හිමිකරු ජුලියන් අසාන්ජ්ට ක්ෂමාව භජනය කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යවන ලද විවුර්ත ලිපියක් මඟින් ආයාචනය කර ඇත.

අවුරුදු ගණනාවක් ලන්ඩනයේ ඉක්වඩෝර් තානාපති කාර්‍යයාලයේ හුදකලාව සිටීමෙන් මෙන්ම මේ වනවිට ඔහු එංගලන්තයේ රඳවා සිටින  Belmarsh  සිරකඳවුරේ ඇති අයහපත් තත්වය ද හේතුවෙන් අසාන්ජ් මානසිකව මෙන්ම ශාරීරිකවද ඉතා දුබල වී ඇති බවත් සිරකඳවුරේ පවතින කොවිඩ් අවදානම අසාන්ජ්ගේ ජීවිතයට පවා තර්ජනයක් බවත් ඔහුගේ ලිපියෙන් අවධාරණය කොට පෙන්වා දී ඇත.

අසාන්ජ් කිසිසේත්ම ඇමරිකානු ජනතාවගේ හතුරෙක් නොවන බවත් ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවිය සටන් කළේ ලොව පුරා රහස්‍යභාවයෙන් සඟවාගත් වංචාවන්ට සහ දූෂණයට එරෙහිව බවත් එමෙන්ම අසාන්ජ්ගේ සටන ඇමරිකානු පොදු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සහ සමස්ථ ලෝකයේම මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ සටනක් බවත් Melzer සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/510513-assange-un-trump-pardon/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More