දේශීය පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.75 කින් වර්ධනය වීමේ විභව හැකියාවක්‌ තිබුණත් ගිය වසරේ (2017) දී රටේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3.1 කින් පමණක්‌ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පැවසීය. මෙය 2017 වර්ෂය සඳහා මහ බැංකුව අපේක්‍ෂා කළ ආර්ථික වර්ධනයට වඩා අඩු ආර්ථික වර්ධනයක්‌ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

2017 වර්ෂය සඳහා වන නවතම මහ බැංකු වාර්තාව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට පිළිගැන්වීම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා විසින් ඊයේ (26) දවල් සිදු කරන ලදී.

මෙසේ නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාව පිළිබඳව මහ බැංකු මූලස්‌ථානයේදී ඊයේ සවස පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

අහිතකර කාලගුණික තත්ත්වයන් නිසා කෘෂිකර්ම අංශයේ වර්ධනය සියයට 0.8 කින් අඩු වූ බවද එසේම සේවා හා කර්මාන්ත අංශවල ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමක්‌ දක්‌නට ලැබුණු බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. මේ අනුව ගිය වසරේ (2017) දී කර්මාන්ත අංශය සියයට 3.9 ක වර්ධනයක්‌ සහ සේවා අංශය සියයට 3.2 වර්ධනයක්‌ වාර්තා කර ඇතැයිද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More