කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (22 දා) පැවති ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ,කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට හෝ ශී‍්‍ර ලංකාවට පාඩුවන ආකාරයට ලබාදීමට ආණ්ඩුව තීරණය කළහොත් තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායම ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන බවයි.
එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,”කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් සංවර්ධනය කිරීමට සහ නැව්වලට අවශ්‍ය සේවාවන් සැපයීමට අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සිදුවේ නම් එය කොයි ආකාරයෙන් කුමන සමාගමක් සමග ද යන්න ඇතුළත් කැබිනට් පති‍්‍රකාවක් නැවත ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව තමයි එය වරාය අධිකාරියට සහ අප රටට සුදුසු හෝ නුසුදුසු යෝජනාවක් ද කියා සලකා බැලීමට හැකි වන්නේ. නමුත් තවම එවැනි අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ලැබී නැහැ. එය අපට සෑහීමකට පත්වීමට හැකි මොඩලයක් නම් අපි පිළිගන්නවා. හැබැයි වරාය අධිකාරියට හෝ අප රටට පාඩු වන ආකාරයට තවත් පාර්ශ්වයකට වාසි වන ආකාරයට යෝජනාවක් නම් එයට අපි විරුද්ධ වෙනවා.” යැයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...