දේශීය පුවත්

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (21 දා ) මාතලේ ප‍්‍රදේශයේදී අලූත උපන් දරුවන් තිස් දෙනකු නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් ලක්ෂ ගණනකට මෙරට සහ පිටරට ධනවත් පුද්ගලයන්ට අලෙවි කළ බව කියන තැරැව්කරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ අදාල සැකකරුට එරෙහිව පැවති දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහු මාතලේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.

මොරටුව ප‍්‍රදේශයේ නිවාස දෙකක අතවරයට ලක්වූ කාන්තාවන් රඳවා තබාගෙන එම කාන්තාවන් දරුවන් ප‍්‍රසූත කිරීමෙන් පසු සැකකරු විසින් එම දරුවන් දේශීය සහ විදේශීය ධනවතුන්ට අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළි වුනු බව නියෝජ්‍යය පොලිස්පතිවරයා පැවසුවේය.

මොරටුව ප‍්‍රදේශයේ සැකකරුට අයත් නිවාස දෙකක් පොලිසිය විසින් වටලද්දී දරු ප‍්‍රසූතිය සඳහා සූදානමින් එහි රැඳී සිටි මවුවරුන් 11 ක් ද පොලිසිය භාරයට ගැනීමට හැකියාව ලැබුණු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.

දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සැකකරු විසින් කරගෙන ගොස් ඇති අතර මේ වනවිට පොලිසිය හෙළි කරගෙන ඇත්තේ ඔහු විසින් අලෙවි කළ බව කියන දරුවන් තිස්දෙනකු පිළිබඳව තොරතුරු පමණි.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අන්තර්ජාලය ඔස්සේ එම දරුවන් අලෙවි කිරිම පිළිබඳව සැකකරු කර තිබූ හෙළිදරව්වක් ඔස්සේ විමර්ශන පැවැත්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More