පිටරටින් පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට කොප්පරා සහ කැපූ පොල් ආනයනය කොට දේශීයව පොල් තෙල් නිෂ්පාදනය කිරීම මගින් පොල්තෙල් කර්මාන්ත පද්ධතිය ආරක්ෂා කර ගත යුතු බවට සහ දේශීය පොල්තෙල් සන්නාමය විනාශ කිරීම වැලැක්වීම සඳහා පොල්තෙල් වලට පාම් තෙල් මිශ්‍ර කොට විකිනීම තහනම් කළ යුතු බවට විමල් වීරවංශ අමාත්‍යයවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාවට බොහෝ විරෝධාතාවන් මධ්‍යයේ අනුමැතිය ලැබුණු බව වාර්තා වේ.
එහෙත් අප වෙත වාර්තා වන්නේ පොල් සංවර්ධන මණ්ඩලයේ සිටින ඉහළ නිළධාරින් පිරිසක් එලෙස කොප්පරා සහ කැපූ පොල් ආනයනයේදී ඉතා ඉහළ ප්‍රමිතීන් වලට ලක් කිරීමට අවශ්‍යය ප්‍රතිපාදන සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
මේ ක්‍රියාවලිය පිටුපස පොල්තෙල් ආනයනය කරුවන් සමඟ ඉතා කිට්ටු සබඳකම් පවත්වන එක්තරා මාන්නක්කාර බලවතෙකු මුල් වී ඇති බව ඉතා විශ්වාස දායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. එම නිළධාරින් විවෘතව පෙනී සිටින්නේ පොල්තෙල් ආනයනයකරුවන් වෙනුවෙන් විනා දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් නොවන බවට විවිධ පාර්ශව වලින් ඔවුනට චෝදනා එල්ලවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...