ප‍්‍රධාන පුවත්

ලොව දුප්පත් සහ මධ්‍ය ආදයම් රටවලට කොවිඩ් එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කිරීමට යෝජිත COVAX වැඩසටහන මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණදී ඇති බව “රොයිටර් පුවත්සේවය” වාර්තා කරයි.

මෙම COVAX වැඩසටහනේ යෝජිත අරමුණ වූයේ ලොව අන්ත දුප්පත් ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකානු රටවල් 91ක දැඩි අවදානම් ජනතාවගෙන් 20%කට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන දෙකක් 2021 වසර අවසාන වනවිට ලබා දීමටයි.

මේ වනවිට පිළිගත හැකි මට්ටමේ ඇති ලොව ප්‍රමුඛ කොවිඩ් එන්නත් පවා පරීක්ෂණ මට්ටමේදීම අතුරු ආබාධ සහ නොයෙකුත් සංකූලතා පෙන්වා ඇති අතර එම රටවල ඇති දේශපාළනික සහ ඒ පිටුපස ඇති ව්‍යාපාරික තරඟකාරීත්වය ද මෙම වැඩපිළිවෙලේ අර්බුධය තව තවත් සංකීර්ණ කරමින් ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම ප්‍රධාන රටවල පවා ඇති නිෂ්පාදන ධාරිතාවයන් මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීම ද ඉලක්කයන් ජයගැනීමේ අර්බුධය උත්සන්න වීමට බළපාන ප්‍රධාන සාධකයක් වී ඇත.

මෙම වැඩ සටහනේ ප්‍රමුඛ හවුල්කරුවන් අතර ඇති මතභේදයන් වලට අමතරව මුල්‍ය සම්පත් සොයාගැනීමේ දැඩි අර්බුධයකට ද මේ වන විට මුහුණ දී ඇති බව “රොයිටර් පුවත්සේවය” වැඩිදුරටත් වාර්තා කර සිටී.

මෙම නව අර්බුධකාරී සංදර්භය යටතේ COVAX වැඩ සටහන 2024 දක්වා කල් දැමීමට හෝ සම්පූර්ණයෙන් අත්හැර දැමීමට සිදුවන ලකුණු මේ වනවිට පහළ වී ඇති බව වාර්තා වේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.reuters.com/article/health-coronavirus-who-vaccines-idUSL8N2IV50J

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More