දේශීය පුවත්

මුලතිව් මල්ලාවි ප‍්‍රදේශයේ පිහිටි “වවුනිකුලම් ජලාශය” වාන් දැමීම නැරඹීමට කිසිදු ආරක්ෂිත පියවරක් නොමැතිව කුඩා අත දරුවන් ද රැගෙන ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

මෙම ජලාශය වාන් දැමීමට අඩි 26ක ජල ප‍්‍රමාණයක් අවශ්‍යව ඇති අතර 21 දින වන විට එම ප‍්‍රමාණය අඩි 26 යි අඟල් 8 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුලතිව් වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.

මෙම ජලාශය නැරඹීමට කැබ් රථයකින් ගමන් කරමින් සිටි එකම පවුලේ හතරදෙනකු එම කැබ් රිය ජලාශයට පෙරළීමෙන් ඉන් තුන්දෙනකු මරුමුවට පත්වූවත් වාන් දමන ජලාශය නැරඹීමට පළාතේ ජනතාව පවුල් පිටින් පැමිණෙන්නට පටන් ගෙන තිබීම ඉතා අනතුරුදායක තත්වයක් බව තතු දත් අය ප්‍රකාශ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More