දේශීය පුවත්

මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහඔය පොල්ලෙබැද්ද ගලවනයාය ප‍්‍රදේශයේ සිදුවෙමින් පවතින පාරිසරික විනාශය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා දඹාන ආදිවාසීන්ගේ නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ ප‍්‍රමුඛව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම ප‍්‍රදේශයේ පසුගියදා සංචාරය කළහ. ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන් ද මෙම අවස්ථාවට සහභාගි විය. මේ අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් රඹකැන් ඔය ව්‍යාපෘතියෙන් පෝෂණය වන මනරම් පරිසර පද්ධතියකි.

පොල්ලෙබැද්ද ආදිවාසී නායක තලාබණ්ඩාරලලාගේ ගුණවර්ධනයන් මෙන්ම තවත් ආදීවාසී ප‍්‍රජාවද මෙම අවස්ථාවට සහභාගි විය. ප‍්‍රදේශයේ දිලි`දු අසරණ අහිංසක ජනතාවගේ මතු අභිවෘද්ධිය පිණිස ඉදිකර දුන් වටිනා ජලාශයෙන් ස්වභාවික රක්ෂිතය ඇල දොළ මෙන්ම සතා සීපාවගේ උපන් බිමද වනසාලන අදූරදර්ශී ක‍්‍රියාමාර්ගයක් මේ වන විට ආරම්භ කර ඇත. මේ ඉඩම්වල අයිතිය බදු පදනම මත පවරා දුන් 14 දෙනකුගේ ලේඛණයක් පවතින බව දැනගන්නට ඇත. බුල්ඩෝසර් යන්ත‍්‍ර යොදාගෙන මෙම වනාන්තරය මහා පරිමාණයෙන් කපා දමා සුවිශාල ගස් බිම හෙලා කැලෑ බිම හෙළි පෙහෙළි කර බඩඉරිඟු වගා කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය. අලි ඇතුන් ගමන් කරන මෙම අලි මංකඩවල් අවහිර වී ඇති බව තේරුම් යන්නේ වගාකර ඇති අක්කර සිය ගණනක බිම හරහා එම සතුන්ගේ අඩි පාරවල් වැටී ඇති බැවිනි. කිහිප වතාවක්ම මෙම වන සතුන් එහා මෙහා ගොස් ඇති බව අපට පෙනුනි. රඹකැන් ඔය ජලාශය, ප‍්‍රදේශයේ ස්වභාවික ජල නිධියක් වන අතර ලක්දිව බැර ලෝහ අවම මට්ටමක පවතින ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දෙන ජල සම්පතකි.

මෙම පාරිසරික ව්‍යසනයන් හමුවේ,

⋆ වැවේ දියවරෙන් පෝෂණය වන කෙත් යාය පුරන් කුඹුරු මුඩු බිම් බවට පත් වනු ඇත.

⋆ මෙම වටිනා පාරිසරික උද්‍යානය මේ වන විට විනාශ වෙමින් තාක්ෂණය යොදමින් පවතී. වැවට ජලය ගලා එන බැර ලෝහ අවම මට්ටමකින් පවතින ජලාශය සිඳී විනාශ වී යෑමෙන් පානීය ජලය අහිමි වනු ඇත.

⋆ ශෂ්‍ය මාරු භෝග ක‍්‍රමය යටතේ වගා කිරීමට කටයුතු කිරීමෙන් මෙම වනාන්තර ප‍්‍රදේශයට ජාන තාක්ෂණය යොදා ගනු ඇත. ශෂ්‍ය මාරු වගා ක‍්‍රමය යටතේ සිදුවන වගාවන්හිදී වැඩියෙන් කෘමි නාශක මෙන්ම වල් නාශක භාවිතා වේ. ඒ හේතුවෙන් සතා සීපාවට මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවද ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වනු ඇත.

⋆ අක්කර 5400 ක් මහවැලි අධිකාරිය මගින් මෙම සංවර්ධන ව්‍යාපෘතියට නතුකර දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. අක්කර 15,000කට වඩා වැඩි වපසරියකට විදුලි වැට ඉදිකිරීමෙන් අලි ගම් වදිනු ඇත. නිර්මාණය වීමට ඉඩ ඇති අලි – මිනිස් ගැටුම හේතුවෙන් තවත් අනවශ්‍ය ප‍්‍රශ්නයකට ප‍්‍රදේශවාසීන් ගොදුරු වනු ඇත. මෙවන් විනාශයන් සඳහා නොසිතූ අභියෝගයන්ට විසඳුම් සෙවීමට සිදු වේ.

⋆ මේ වන විටත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිසර ඇගයීම් තක්සේරු වාර්තාවක් සිදුකර නොමැත. ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර සකස් කළ යුතු වන මෙම වාර්තාව මගහැර ඇත. මේ වන විට අක්කර 600 කට අධික ප‍්‍රමාණයක් වනසා තිබේ.

⋆ ප‍්‍රදේශයට ආගන්තුක ආක‍්‍රමණකාරී ශාක පැමිණීමටද ඉඩ ඇත. මෙම අත්තනෝමතික ක‍්‍රියාවලියකින් සිදුවන ව්‍යාකූලත්වය නැවත පිළිසකර කිරීමට කිසිදා නොහැකි වනු ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය (දිවයින පුවත් ඇසුරෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More