ප‍්‍රධාන පුවත්

“මින්ක්” යනු ඝන ලොම් සහිත හමකින් යුත් හෝතම්බුවන් වැනි සතෙකි. ඩෙන්මාර්කයේ ශීතලට අඳින ලොම් සහිත ඇඳුම් නිපදවීමට මෙම සතුන්ගේ ලොම් සහිත හම යොදාගන්නා අතර මෙම සතා එරට ලොම් කර්මාන්තයේ ප්‍රධාන සම්පත්දායකයෙකු වෙයි. මෙම කර්මාන්තයේ යුරෝපා සංගමයේ අංක එකේ නිෂ්පාදකයා ඩෙන්මාර්කයයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම සතුන්ට මෙන්ම එරට ලොම් කර්මාන්තයට ද කණකොකා හඬවමින් මෙම සතුන්ට ද කොවිඩ් ආසාදිත වීම නිසා පසුගිය මැයි මස මින්ක් සතුන් මිලියන 15කට අධික ගණනක් වඳවී ගිය අතර ඒ සියල්ලම සමූහ වලවල් තුළ භූමදානය කර ඇති අතර දැන් දැන් එම සමහරක් වලවල් වලින් මෙම සතුන් ඉහල පොලවට මතුවීමට පටන්ගෙන ඇත්තේ සත්ව කොටස් දිරායෑමේදි නිකුත් වන නයිට්‍රජන් සහ පොස්පරස් වායූන් නිසාය.

නමුත් මේවනවිට මෙම වළලන ලද සතුන්ගෙන් කොවිඩ් 19 වෛරසය අවට ස්වාභාවික ජල මූලාශ්‍ර වලට මුසු වීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම සතුන් සියල්ලක්ම නැවත ගොඩගෙන ආදාහනය කිරීමට එරට රජය පියවර ගනිමින් සිටින බව වාර්තාවේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.bbc.com/news/world-europe-55391272



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More