දේශීය පුවත්

ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) දින ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායගම් මහතාගේ 41 වන ගුණානුස්මරණ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණය අසල පිහිටි සෙල්වනායගම් පිළිරුව ඉදිරියේදී ඊයේ දන ගුණානුස්මරණ උත්සව අවස්ථාව පැවති අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“රජය සමග එකඟවීමෙන්තොරව හෝ දෙමළ ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරියට යාමට සූදානම් බව අපි අපගේ පක්ෂ මහ සමුළුවේදී ප්‍රකාශ කළා. එය 2015 ‍තෛපොංගල් දිනයේදී ආරම්භ කරන බවත් ප්‍රකාශ කළා. නමුත් ඊට පෙර රටේ ආණ්ඩු පෙරලියක් සිදු වුණේ අපේ ජනතාවගේද සහය ඇතිවයි. එම ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසාම ආණ්ඩුවට කාලය ලබා දීමට සිදු වුණා. නමුත් ඒ කාලය අවශ්‍ය කාලයටත් වැඩිය ලබා දීලා තියනවා. ඒ නිසා අපි දැන් කියන්නේ තවදුරටත් ප්‍රමාද නොකර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. එසේ නොවුණහොත් ආණ්ඩුව සමග ඉදිරියේදී එකඟතාවයකින් කටයුතු කිරීමට අපිට හැකි වන්නේ නැහැ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අපිට පොරොන්දු වී තිබෙනවා මේ කැබිනට් සංශෝධනයෙන් පසුව එය ආරම්භ කරන බවට. අපිත් දැන් මේ බලන් ඉන්නේ කැබිනට් සංශෝධනය සිදු වන තුරු.”

රොමේෂ් මධුෂංඛ – වන්නි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More