සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම මගින් දේශීය අවශ්‍යතාවය සඳහා යූරියා නිෂ්පාදනය කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වෙයි.
එමගින් වාර්ෂිකව යූරියා ආනයනය කිරීම සඳහා වැය කරන රුපියල් බිලියන විසි හයක මුදල ඉතිරි කර ගැනීම අරමුණු කර ඇත.
මෙරට වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ හතළිස්දහසකි (340000). පරන්තන් කෙමිකල්ස් සමාගම මගින් යූරියා පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට නියමිත අතර ඒ සඳහා ව්‍යාපෘති යෝජනාවක් මුදල් අමාත්‍යාංශයටද ඉදිරිපත් කර තිබේ.
අදාළ ශක්‍යතා අධ්‍යයනය මාස හතරකින් අවසන් කිරීමට නියමිතය. එහි සියලු කටයුතුද අවසන් වීමට වසරක කාලයක් ගතවන බව කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි. මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය මගින් ශක්‍යතා අධ්‍යයන කළ යුතු බව අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ තුන්සිය පනස් තුනකට අධික වෙයි.
දැනට පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිපොක්ලෝරයිට් නම් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...