දේශීය පුවත්

කිරිවලට පාම් තෙල් එකතුකොට සංයුතිය වෙනස් කොට නිපදවන පිටි කිරි වර්ග හඳුනා ගැනීම සඳහා අප රටේ පනවා ඇති ප‍්‍රමිතීන් අනුව සිදු කෙරෙන පරීක්ෂණවලින් හඳුනාගත හැක්කේ මේදයෙන් 40% කට වඩා පාම් තෙල් තිබේ නම් පමණි.

ඒ නිසා සාමාන්‍යයෙන් 30 – 40% ප‍්‍රමාණයකට පාම්තෙල් එකතු කොට අප රටට අඩු මිලට ප‍්‍රතාපනය කරන කිරි පිටි එම ගල්යුගයේ පරීක්ෂණ වලින් හඳුනාගත නොහැක. ඒ නිසා අප රටේ දරුවන්ට සොබාවික එළකිරි නමින් අඩු මිලට තත්ත්වයෙන් බාල සෞඛ්‍යයට අහිතකර පාම් තෙල් අඩංගු කිරි පෙවීමට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත. එසේ මිශ‍්‍ර කරන පාම් තෙල් නිසි ලෙස පිරිපහදු නොකළ ඒවා නම් ඒවායේ පිළිකා කාරකයක් වන නිදහස් මේද අම්ල 20% පමණ අඩංගු විය හැක.

ලෝක වෙළඳපොළේ පිරිපහදු නොකළ පාම් තෙල් මිල අඩු මට්ටමක පැවතීම නිසා සැපයුම්කරුවන් එසේ නිසි ලෙස පිරිපහදු නොකළ වර්ණය සහ දුර්ගන්ධය පමණක් වෙනස් කළ තෙල් වර්ග ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වයි.

මේ බව සදහන් කරන්නේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉරිදා දිවයින පුවත් පතට ලිපියක් සපයමිනි.  සමුපර්න ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න.

විකෘති වූ ආහාර වෙළෙඳපොළ සහ මහජන සෞඛ්‍ය ඛේදවාචකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More