දේශීය පුවත්

ලොව මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියා පදිංචි කරන ලද රුසියාවේ Sputnik V එන්නත; එක්සත් රාජධානියේ සහ යුරෝපයේ නැවතත් බැරෑරුම් සෞඛ්‍ය අර්බුධයක් ඇති කරමින් පැතිර යන නව කොරෝනා ප්‍රභේදයට ඉතා සාර්ථකව ඔරොත්තු දෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මුල්‍ය සම්පාදකයින් වන Russian Direct Investment Fund විධායක නිළධාරී Kirill Dmitriev පවසයි.

අද (21) දින මෙම නිවේදනය නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ S-ප්‍රෝටීනයේ වන වෙනස්කම් වලට Sputnik V එන්නත සාර්ථකව ප්‍රතිචාර දක්වන බවයි.

පසුගිය සෙනසුරාදා (19) දින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර සිටියේ මෙම නව ප්‍රභේදය පෙර පැවති තත්වයට වඩා 70%ක වේගයෙන් පැතිරෙන බවයි.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අනුබද්ධව එරට AstraZeneca ඖෂධ සමාගම නිපදවන 62%ක සාර්ථකත්වයක් පෙන්වන එන්නත එහි ඉහල සාර්ථකත්වයක් අපේක්ෂාවෙන් රුසියාවේ Sputnik V (සාර්ථකත්වය 96%කි) සමඟ ඒකාබද්ධව පර්යේෂණයන් කිරීමට ගිවිසුමක් මෙයට පෙර අත්සන් කළ අතර එම පර්යේෂණයන් මේ වනවිට සිදු කරමින් පවතී.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න

https://www.rt.com/russia/510300-mutation-sputnik-vaccine-effective/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More