කලා පුවත්

ඒසහි තුය්හ පිතා නරසීහෝ

චක්‌කවරං කිත රත්ත සුපාදොa
ලක්‌ඛණ මණ්‌ඩිත ආයත පණ්‌හී
චාමර ඡත්ත විභූසිත පාදොa
ඒසහි තුය්හ පිතා නරසීහෝ

බුද්ධත්වයෙන් පස්‌ වසරකට පසු බුදු හිමියෝ කපිලවස්‌තු පුරයට වඩිති. පෙරට වඩිනා බුදු හිමියන් ගැන පුතු රාහුලට යශෝධරාවන් විස්‌තර සපයන්නී….

රත් පැහැයෙන් සිරි පා යුග දිලෙනා
සක්‌ ලකුණින් දිග් විලුඹින් සැදුණා
සෙමෙර චක්‍ර සිරියෙන් ද බැබලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා

එළැඹෙන්නේ මුළු රටම වෙසක්‌ සිරියෙන් බැබැළෙන පින්වත් දින කිහිපයකි. සම්බුදු තෙමඟුලට සියල්ලෝ සූදානම් වෙති. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන්ට ද සැදැහැවත්හු පෙළගැසී සිටිති.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සරසවි අධිපති එච්. ඩී. ප්‍රේමසිරි දෙපළ එක්‌ව මහා ධර්ම දානයක්‌ පිළිගන්වන්නේ මේ පින්බර වෙසක්‌ දිනවලයි. ඔවුහු මෙවර තෙමඟුලට “බිම්බා දේවී හෙවත් යශෝධරා” කැඳවා එති. මේ සිනමා කාව්‍යය දැන් තිරයේ දිගහැරේ.

බුදුරජාණන් වහන්සේගේ ආදර ගෞරවයට පාත්‍ර වන වනිතාවන් දෙදෙනෙකි. සිය දෙතනේ කිරි පොවා මහ බෝසතාණන් වහන්සේ ඇතිදැඩි කළ බුද්ධ මාතාව මහා ප්‍රජාපතී ගෝතමිය එක්‌ වනිතාවකි. අනෙක්‌ වනිතාව නම් යශෝධරාවයි. බිම්බා, බිම්බ සුන්දරී, යශෝවතී, ගෝපා, සුභද්දිකා, මනෝහාරා යන නම්වලින්ද හඳුන්වා දී ඇත්තේ රාහුල මාතාව නැතිනම් යශෝධරාවයි. සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන්ටත් වඩා අසූ මහා ශ්‍රාවකයන්ටත් වඩා මහා බෝසතාණන් වහන්සේ සමඟ සසර සැරිසැරූ බුද්ධ පතිව්‍රතාවයි.

සොළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ හෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ හෝ පෙරම්පුරා ලබා ගත යුතුව තිබුණ බුද්ධත්වය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් ලබා ගැනීම සඳහා මහත් වූ ආත්ම පූජාවක්‌ කළ වනිතා රත්නය ද රාහුල මාතාවයි.

ඊට කළගුණ සැලකීම් වස්‌ බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ පරිනිර්වාණයෙන් ඉක්‌බිති දේහය දැවූ චිතකය අසල රෑ තුන්යම නිදිවරමින් මහා ආදාහන පූජෝත්සවයක්‌ පැවැත්වූහ. අනතුරුව යශෝධරාවගේ ධාතු නිධන් කර රජගහනුවර චෛත්‍යයක්‌ ඉදිකර වූහ. ලෝක සත්ත්වයාගේ වන්දනාවට පාත්‍රවූ ඒ චෛත්‍යය එවක යශෝධරා මහා සෑය නමින් ප්‍රකට විය. “බිම්බා දේවි හෙවත් යශෝධරා” වනාහී ඒ වනිතා ශේෂ්ඨාව පිළිබඳ පූජාර්හ කතාන්දරයයි.

සුවඳ බොජුන් වැළ» මගෙ හිමි සඳට

නිබඳ බොජුන් රස කර දුන් වළඳන්ට

සුවඳ පලාපල වැවියන් හිමියන්ට

සුවඳ මල් නිතර පිපියන් රන්කඳට

ඈ හැ`ඩුවාය. වියෝ දුකින් ඈ හැ`ඩුවාය. ඒත් ඒ රහසිනි. ඇගේ හැ`ඩුම් හ`ඩ හරියට ළා දළු බෝපත් සෙමෙන් සැලෙද්දී මතුව එන හ`ඩ වැන්න. ලේන කුලේ සිට දෙදෙනා එක්‌ව ආ ම`ග ගැන සිහි කරමින් ඕ හදවතින් හ`ඩන්නී පුතු රාහුල ද තුරුළු කර ගනිමිනි.

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා

මලේ බඹරු මෙන් පිරිවර වැඩිවේවා

අව්වේ තිබෙන රැස්‌ මාලා අඩුවේවා

ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා

බිම්බා දේවී හෙවත් යශෝධරා විශ්වයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව වන්නීය. ඈ සකල ලෝ වැසි බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන්නීය.

බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන සමයේ එනම් සිද්ධාර්ථ කුමාරයන් සේ සිටියදී ප්‍රිය බිරිය වූ යශෝධරාවන් ගැන එකදු පොතක්‌ ලියෑවී තිබුණේ නැත. ලියෑවී ඇත්නම් ඒ යශෝධරා වත පමණි.

එහෙත් 1974 දී විලියම් එඩ්මන්ඩ් බැරට්‌ නමැත්තා පර්යේෂණයක්‌ සිදු කළේය. ඉන් පසු ඔහු යශෝධරාව ගැන දැවැන්ත කෘතියක්‌ ලියා “නෙළුම් මලේ කුමරිය” (ඛ්dහ දෙ එයෑ ඛදඑමි) නමින් විශ්ව සාහිත්‍යයට එක්‌ කළේය. පසු කලෙක ගණේගම සරණංකර නාහිමියෝ “යශෝධරාව” නමින් කෘතියක්‌ රචනා කළේය. උන්වහන්සේට ඒ ස`දහා උත්තේජනය සැපයූවේ බැරට්‌ ලියූ “නෙළුම් මලේ කුමරිය” කෘතියයි.

යශෝධරාව ගැන එසේ සාහිත්‍යයට කෘතියක්‌ දෙකක්‌ එක්‌ වූවද සිනමා සාහිත්‍යයට නම් ඈ ගැන කිසිදු සිනමා පටයක්‌ නිර්මාණය වූයේ නැත. එදා “විලියම් බැරට්‌” යශෝධරාව ගැන පළමු කෘතිය විශ්ව සාහිත්‍යයට එක්‌ කළාක්‌ මෙන් මෙදා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිනමා සාහිත්‍යයට “යශෝධරාව” එක්‌ කරන්නේය.

එළැඹෙන්නේ සිදුහත් කුමරුන්ගේ උපත, ගෞතම බුදුන් වහන්සේගේ බුදු වීම සහ පිරිනිවන් පෑම යන තෙම`ගුල සමරන වෙසක්‌ සමයයි. මේ වෙසක්‌ සමයේ “යශෝධරාව” සිනමාවට පැමිණෙන්නීය. ඒ “බිම්බා දේවී හෙවත් යශෝධරා” නමිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තිර කතාව ලියා අධ්‍යක්‌ෂණය කළ “බිම්බා දේවී හෙවත් යශෝධරා” නිෂ්පාදනය කරන්නේ “සරසවි” ප්‍රකාශන අධිපති එච්.ඩී.ප්‍රේමසිරිය.

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ

නෑර කැටුව ආවා මම සරණ ගෙනේ

භාවනාව තොර නොකරමි සිතින් අනේ

මාළිගාව අද අ`දුරුයි ස්‌වාමිනේ

චිත්‍රපටයේ යශෝධරා ලෙස ර`ගන්නී පල්ලවි සුභාෂ්ය. ඈ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන් ඉන්දියානු නිළියකි. ඈ ක්‌ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක ලෙසිනි. පල්ලවි මෙරට රූපවාහිනි ප්‍රේක්‌ෂකයන්ට ආගන්තුක නොවේ. “අධිරජ ධර්මාශෝක” නාට්‍ය මාලාවේ ධර්මාශෝකගේ මව රාණි ධර්මා ලෙස ර`ගන්නී පල්ලවිය. ඈ මහාභාරත් ටෙලි නාට්‍ය මාලාවේද රුක්‌මණී ලෙස ර`ගපෑවාය.

චිත්‍රපටයේ “සිද්ධාර්ථ” චරිතය ස`දහාද ර`ගපාන්නේ බුදුන් උපන් භාරතයේම රංගන ශිල්පියෙකි. හේ අර්පින් චෞද්රිය. අර්පින් ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙකි. නිරූපණ ශිල්පියෙකි.

“බිම්බා දේවී හෙවත් යශෝධරා” චිත්‍රපටය නිර්මාණය කිරීමේදී අනුශාසකත්වය ගිහි පැවිදි විද්වතුන් කිහිපදෙනකු ගෙනි. ඒ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය චන්දිම විජය බණ්‌ඩාර, මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, මහාචාර්ය අසංග තිලකරත්න, ඡේHෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්‌ෂුණිය විසිනි.

කැමරාව චන්න දේශප්‍රිය ගෙනි. කලා අධ්‍යක්‌ෂණය බිමල් දුෂ්මන්තය. සහාය අධ්‍යක්‌ෂණයෙන් විමල් දේශප්‍රිය ද, නිෂ්පාදන කළමනාකරණයෙන් මනෝහාරි හේවාවසම් ද එක්‌ වී ඇත. ප්‍රියන්ත දිසානායක (වේෂ නිරූපණය), තිළිණ හෙට්‌ටිගමගේ (වස්‌ත්‍රාභරණ), හරූන් ෂායි දීන් (කේශාලංකරණය) , රෝහණ වීරසිංහ (සංගීත අධ්‍යක්‌ෂණය), සංදේශ් බණ්‌ඩාර (නිශ්චල ඡායාරූප), චන්දන වික්‍රමසිංහ (නර්තන අධ්‍යක්‌ෂණය), චත්‍ර වීරමන් (දෘෂ්‍ය ප්‍රයෝග) චිත්‍රපටයට දායක වෙති.

ගායනා විශාරද ආචාර්ය නන්දා මාලිනී, රවින්ද්‍ර කරුණාරත්න සහ අසංක ධනංජය ලියනාරච්චිය. නාද සැලසුම් ශෂික රුවන් මාරසිංහය. සුමුදු අමල්ක (සටන්), කෞෂල්‍යා වික්‍රමසිංහ (භාරතීය ශිල්පී සම්බන්ධීකරණය) සහ ඒ.ඩී.රන්ජිත් කුමාර (නිෂ්පාදන සම්බන්ධීකරණය) “බිම්බා දේවී හෙවත් යශෝධරා” සමග එක්‌ වෙති.

රංගනයෙන් දිනෙත් ද සිල්වා (දෙව්දත්), සංගීතා තෙදානි (මහාමායා), අජිත් වීරසිංහ (ශුද්ධෝදන), උදාරි පෙරේරා (නන්දා), හේෂාන් මනුල (නන්ද), ශම්මු කසුන් (ඡන්න), කමල් දේශප්‍රිය (සුප්‍රබුද්ධ) තුමි`දු දොඩන්තැන්න (කාව්‍යක්‌කාරයා), රූවී ලක්‌මාලි (රාධිකා), විල්සන් ගුණරත්න (අසිත), ඇනස්‌ට්‍රා ග්‍රේ (උත්තරා) නෙත්සුව මුළුතැන්රාළ (රාහුල) සහ තිස්‌ස ගුණතිලක (කාලුදායි) එක්‌ වෙති.

බිම්බාදේවී හෙවත් යශෝධරා ඊයේ (26 වැනිදා) සිට ඊ.ඒ.පී.මණ්‌ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලා අසූ පහක ප්‍රදර්ශනය වේ.

අජිත් අලහකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More