දේශීය පුවත්

ගාල්ල, දේදුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොරෝනා වෛරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මොහුගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබුණි.එහෙත් මියගිය අයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ ආදාහනය කරන්නේ නම් දේහය භාර නොගන්නා බවය.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නඩුව අද (21) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේ කැඳවා තිබුණි.එහිදී මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් පවසා සිටියේ කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැනට කතිකාවක් මතුව ඇති බවය.

එම නිසා කොවිඩ් ආසාදනයවීමෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමට රජය පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් මළ සිරුර අධි ශිතකරණයක තැන්පත් කරන ලෙස නීතිඥයින් ඉල්ලා තිබේ.

දෙපාර්ශවයේම ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය මේ පිළිබඳ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු ඉදිරිපත්කර ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බව වාර්තාවේ. එතෙක් මළ සිරුර රෝහළේ ශීතාගාරයක තැන්පත් කර තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබූ බව මාධ්‍යය වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More