දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නේ නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත් කල යුතු බවයි. එහෙත් එසේ නොකර පළාත් සභා ක්‍රියාත්මක කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදුවන බව එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපිය මගින් අවධාරණය කර ඇති බවද වාර්තාවේ.

සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ලිපිය මගින් පෙන්වා දෙන්නේ ජනතාවට ගුණාත්මක හා සමානාත්මක වෛද්‍ය පහසුකම් සැලසීමට නම් සෞඛ්‍ය සේවය මධ්‍යම රජයට පමණක් අයත් විෂයයක් විය යුතුව ඇති බවත් පළාත් සභා සඳහා වෙන වෙනම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජනතාවට ගුණාත්මක හා සමානාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට නොහැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More