දේශීය පුවත්

2020.12.15 දින කුරුවිට යුද හමුදා කඳවුර තුල බුද්ධ ප්‍රතිමාවක් ගිණි තබා විනාශ කල බවට මේ දිනවල සමාජ ජාලාවල ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුධ හමුදා මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් අනුව:

මෙම අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක් වන අතර වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණුහේවා මූලස්ථාන බලඇණි කඳවුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු ශ‍්‍රාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය දොඹවෙල සිරි විජේඥාණ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි නිසි ආගමික වත්පිළිවෙත් හා පිරිත් සජ්ජායනා කර භූමියට පිරිත් පැන් ඉස 2020.12.16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

සමාජ ජාලාවල ප‍්‍රචාරය වෙමින් පවතින මෙම සිදුවීම පිළිබඳව සත්‍යය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More