දේශීය පුවත්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

“අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නෑ. මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා. සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා. මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 – 11 ශ්‍රේණි අපි විවෘත කළා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 – 5 දක්වා 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළා. බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කරනවා. “ යනුවෙන් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More